බොක්සිං ක්‍රීඩාවෙන් ගල්මැටියාව විදුහලට රිදී පදක්කමක්

  👤  1038 readers have read this article !
Published by : MB WEB 2018-06-12 17:39:37

කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ

අන්තර් පාසල් ආධුනික 45 වැනි සමස්ත ලංකා එල්.වී. ජයවීර බොක්සිං ශූරතා තරගයේදී (2018) පුහුණුකරුවකු පවා නොමැති වූ තඹලගමුව ගල්මැටියාව විදුහලේ සිසුවකු රිදී පදක්කමක් හිමිකර ගෙන ඇත.

මෙම සිසුවා නම් කන්තලේ අධ්‍යාපන කලාපයේ තඹලගමුව අති දුෂ්කර පාසලක් වන ත්‍රි/ගල්මැටියාව විදුහලේ අශේන්ද්‍ර ශානුක බණ්ඩාර (15) සිසුවාය. කිලෝ 46 බර පන්තිය නියෝජනය කරමින් මෙම සිසුවා රිදී පදක්කමක් දිනා ගෙන ඇති අතර මෙහි රන් පදක්කම දිනා ගෙන ඇත්තේ මහනුවර සුපිරි පාසලක් වන ධර්මරාජයයි.

මෙම සමස්ත ලංකා බොක්සිං තරගාවලියට දිවයිනේ ජනප්‍රිය පාසල් 60ක පමණ තරගකරුවන් 265 දෙනකු පමණ සහභාගි වී ඇති අතර විදුහල්පති ජයසිංහ රඹුක්වැල්ල හා නි. විදුහල්පති පී. ධම්මජෝති හිමියන්ගේ පූර්ණ කැපවීම මත පුහුණුකරු ලෙස අජන්ත විජේබණ්ඩාර මහතා ක්‍රියාකොට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon