හාස්‍ය කියන්නේ ගොන් පාට් නෙවෙයි

  👤  2007 readers have read this article !
Published by : MB WEB 2018-06-12 08:37:33

සුජානි විජේසුන්දර

අවුරුදු ගාණක් ප්‍රොජෙක්ටර් රූම් එකේ ඉන්න අන්කල් තමා හොඳම සිනමා විචාරකයා. ඉන්ඩස්ටි්‍ර එක නග්ගන්න හොඳ ඔපීනියන් ඕන තරම් දෙයි.

"හොඳ සෝ කරනව නම් මිනිස්සු බලන්න එනවා නෝනා. සල්ලි හොයන්න හිතන් කිසිම තේරුමක් නැති සෝ හදපුවාම මිනිස්සු බලන්න එන්නේ නෑ. පවුලකට ටිකට් ගන්න යන වියදමයි, සතියකට මේ වෙනුවෙන් පැය 2-3ක වෙන් කරන්නයි මිනිස්සු දෙපාරක් හිතනවා. ටිකට් විතරයෑ කන්න බොන්න, ගමන් වියදම් එක්ක බලනකොට පවුලක් එන්නෙ නෑ. යන්තන් බොක්ස් ටික හන්දා දවස ගොඩයනවා."

ලංකාවේ සිනමාවේ ඇත්ත තත්ත්වේ ඕක.

ළමා චිත්‍රපටයක් බලන්නේ පොඩි උන් විතරමද? නිකමට මතකෙට එන හැරී පෝටර්, ටැන්ග්ල්ඩ්, අප් මොආනා, කාක මුට්ටෙයි, සයිවම් වගේ චිත්‍රපට බලපු අය දන්නවා ඒවා බලන්න පුළුවන් පොඩි උන්ට විතරමද කියන එක.

රයිගමයයි ගම්පොළයයි කියලා රිවස්ටන් පැත්තේ කඳුකරේට කැමරා අටවලා බෝඩ්වලින් ලයිට් කරපු ළමා චිත්‍රපටයක් කියලා එකක් බැලුවා. සාමාන්‍යයෙන් ළමා චිත්‍රපටයක් බලන්නේ ළමා මානසිකත්වයකින් වගේ කියලා උපකල්පනය කළොත් මේ ගොන්පාට්වලට පොඩි උන්ට හිනායයි කියලා හිතෙයිද තරමටම මහ පුදුමාකාර නිර්මාණයක්.

අපේ ජනකතා සිනමාවට නැඟෙන එක හරි මාර වෙනසක් වෙයි කියලා හිතුවත් කිසිම ප්ලෑන් එකක් නෑ. කිසිම රිසච් එකක් නෑ. ජනකතා විකෘති කරලා හරි මොනවා හරි අටවගන්න එක චිත්‍රපටයක් කියන එක දැනුණේ. අලුත් ළමා පරපුරට මේ කතා තේරෙන මට්ටමට ගේන්න පුළුවන් වුණා නම් ඒකවත් සතුටුයි. ඒකත් නැහැ.

ප්‍රධාන නළුවො දෙන්නා චිත්‍රපටය පුරාම එක දර්ශනයක හැර සෑම සියලු දර්ශනයකම පෙනී සිටින ලෝකේ එකම සිනමා නිර්මාණය වෙන්න පුළුවන්. වෙන මුක්තු නෑ. ඊටත් වඩා කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞශල්‍ය වගේ 'නළුවෝ' හාස්‍ය කියන්නේ ගොන්පාට් වීම නෙමෙයි කියන එක දන්න දෙන්නෙක්, මේ වගේ නිර්මාණයකට සම්බනධ වෙන්න හේතු වුණේ මොකක්ද කියන එක නම් පැහැදිලි නෑ.

රයිගමයා ගම්පොළයා කීව ගමන් කතා අහලා තියෙන අපේ ළමා කාලයට මතක විදියට නම් කපටි කයිරාටික වෙළෙන්‍ෙදා දෙන්නෙක්. ඒ චරිත ඒ විදියටම මවන්න ඕනේ කියන එක කියන්නේ නෑ. නමුත් මේ චරිත දෙක කොහොම දෙකක්ද කියන එක අවසාන වෙනකන් තේරුණේ නෑ. නළුවෝ එහෙට මෙහෙට දුවන කොට පොඩි උන් හිනාවෙන එකටද ළමා චිත්‍රපටයක් කියන්නේ?

පසුතලය ගමක්ද නැත්නම් ලඳු කැලෑවක්ද කියන එක අපිම හිතාගන්න ඕනේ. පියුමි නිසංසලා කරන චරිතය මොකක්ද, මොකක්ද අග මුල කතාවට තියෙන සම්බන්ධතාව වගේ ප්‍රශ්න දෙයියන්ගේ පිහිටෙන් පොඩි එවුන්ට නම් දැනෙන්න එපා. අහසින් කඩා වැටෙන චරිත, සිද්ධි අපට තේරුම් ගන්න බැරි එකේ පොඩි උන් මවුපියන්ගෙන් අහලා තේරුම් ගන්නේ කොහොමද?

ආ¾ඩි 7 දෙනාගේ කැඳ හැළිය කතාවට භික්ෂුවක් වගේ කහ සිවුරක් යොදාගෙන තිබුණා. ජනකතාවේ කොහොම වුණත් රූපයෙන් සිවුරක් හඳුනාගන්න ළමයි තේරුම් ගන්නේත් හාමුදුරුවරු පවා හොර බොරු කළා කියන මතය. සුදු රෙද්දක් යොදාගන්න තිබුණා නම් ඒ වැරැද්ද හදාගන්න තිබුණා. නමුත් ළමා චිත්‍රපටයක් පෙන්නන්නෙ ළමයින්ට නම් ඒක බැලුවට පස්සේ මනසට එන දේවල් ගැන අධ්‍යක්‍ෂවරයාට කල්පනාවක් තියෙන්න ඕනේ.

අනෙක් කාරණේ හොඳ නමක් තියෙන නළුවෝ නිළියෝ නිර්මාණයකට යොදාගත්තා කියලාත් නිර්මාණය සාර්ථක වෙනවද කියලා දන්නේ නෑ. නමුත් යොදාගෙන තිබුණ නළු නිළියෝ බොහොම ඉහළ තත්ත්වයේ නිර්මාණවලට දායක වන අය. ඒ රංගනයන් දිහා බලලා එනවා මිසක් චිත්‍රපටයක් නම් නෑ. කොටින්ම නළු නිළියන් දක්ෂ වූ පමණින් හෝ ජනප්‍රිය වූ පමණින් නිර්මාණයක් සාර්ථක වෙන්නේ නෑ. පිටපතේ ඇති සාර්ථකත්වය නිර්මාණයේ සාර්ථකත්වයට ඍජුවම බලපානවා. කොමඩි නළුවන් හෝ සීරියස් නළුවන් කියා නළුවන් බෙදා වෙන්කළ නොහැකියි. නළුවන්ට වැඩ පෙන්වීමට නම් පිටපතින් ඊට ඉඩ හසර සකසා තිබිය යුතුය. එසේ නොමැති විට නළුවන්ගේ රංගනය අයාලේ යන වන සතුන්ට නොදෙවැනියි. මෙම නිමාණයේද එවැනි අවස්ථා අනන්තය. අප්‍රමාණයි.

චිත්‍රපට කියන්නේ කතාම නෙවෙයි. කතා නෙමෙයිමත් නොවෙයි. කියන කතාවක් පැයක් දෙකක් කළුවරේ වාඩි කරවලා බලන් ඉන්න විධියට ගොඩනඟන එකයි අමාරුම වැඩේ.

ඒක තමයි අධ්‍යක්‍ෂවරයා කියන කෙනෙක් ඉන්නේ. බණ කතා වගේම ලංකාවේ ළමා චිත්‍රපටවලිනුත් යම් තාක් දුරට හෝල් එකට මිනිස්සු ගෙන්නා ගන්න පුළුවන් වුණා. මෑත කාලයේ හෝගානා පොකුණ වගේ නිර්මාණවලින් ඒ හිදැස පුරවමින් සිටියා. නමුත් ආයෙත් මේ දුර්වල නිර්මාණ මඟින් කැළැලක් ඇතිවීම කර්මාන්තයට දුකක්. කළුවා මාරපන ගියා වගේ චිත්‍රපට හදන්න රයිගමයාලාවත් ගම්පොළලායවත් අවශ්‍යද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon