'යශෝදරා' චිත්‍රපටයේ ආනන්ද හිමි වෙන්න ලැබීම මගේ භාග්‍යයක්
"යශෝදරා" චිත්‍රපටයෙන් ඔබව දකින්න ලැබෙනවා. මේ චිත්‍රපටයට ඔබට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?
සුනිල් ආරියරත්න මහත්තයාගෙන් තමයි මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ. මම සම්බන්ධ වෙන්නේ ආනන්ද හාමුදුරුවන්ගෙ චරිතයට. මේක මට සුවිශේෂී දෙයක්. මොකද මේ චිත්‍රපටය අති දැවැන්ත චිත්‍රපටයක්. ඇත්තටම ආනන්ද හිමිගේ චරිතය මට ලැබීම ලොකු භාග්‍යයක්.
සුනිල් ආරියරත්න වැනි ප්‍රවීණ අධ්යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක ගොඩක් ලොකු සතුටක්.
ඔහුගේ තිබෙන නිහතමානී බව අනෙක් අධ්යක්ෂවරුන් ළඟ තියෙනවාද කියන එකත් ලොකු ගැටලුවක්. සුනිල් සර් සිහින් සිරුරක් ඇති මනුස්සයෙක් වුණාට ඔහු ලංකාව තුළ මහ දැවැන්ත චරිතයක්. ඉතින් ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මේ චරිතයට මාව සම්බන්ධ කර ගැනීම ගැන.
ඔබ නිරූපණය කළ චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒ ප්‍රතිචාර ලැබෙනකොට මම කරපු දෙය ගැන නිහතමානීව සතුටු වෙනවා.
ඔබ පැවිදි චරිතයක් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි නේද?
මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ පැවිදි චරිතවලට. දැනට චිත්‍රපට තුනක සහ එක නාට්‍යයක පැවිදි චරිත නිරූපණය කර තිබෙනවා.
ඔබේ රංගන ගමනේ ආරම්භය ගැනත් කතා කරමු.
මම මුලින්ම රංගනයට එන්නෙ කපිල කුමාර කාලිංගගේ වේදිකා නාට්‍යයකින්. ඔහුගෙම "බ්ලැක් බොක්ස් ඇන්ඩ් කූල් තියටර්"හි පර්යේෂණාත්මක රංගනයක් කළා. ඒක ලංකාවේ පළමු වතාවට වතුරක බැහැලා කරපු රංගනයක්. මම ඒකෙත් ප්‍රධාන චරිතයට පණ පෙව්වා. ඒ හරහා ආනන්ද අබේනායකගේ "අප්පච්චි" ටෙලි නාට්‍යයටත් 2011 සිට අද වෙනකම්ම "සංසාරේ පිය සටහන්" පෝය දා නාට්‍යයටත් පැවිදි චරිතයකින් සම්බන්ධ වෙන්න ලැබුණා.
ඔබ වෘත්තියෙන් මනෝ විද්‍යා දේශකවරයෙක්. ඒ අතරතුර රංගන කටයුතුත් දිගටම කරන්නද අදහස?
ඒක දැන්ම කියන්න බැහැ. මම චරිත ඉල්ලගෙන යන කෙනෙක් නෙවෙයි. අනික් එක මම වැඩිපුර වැඩ කරන්නෙ සංජය නිර්මාල් වගේ තෝරාගත් සීමිත පිරිසක් එක්ක. ඊට අමතරව තව ආරාධනා ලැබුණොත් මගේ සීමාවන් තුළ ඒවටත් දායක වෙනවා.
ඔබ ක්ෂේත්‍ර කිහිපයකම ඉන්න කෙනෙක්.
ඒ අතරින් වඩාත් කැමැති කුමකටද?
මම පිටපත් ලියන්න ගොඩක් කැමැතියි.
වෘත්තියෙන් මනෝවිද්‍යා දේශකවරයෙක් වුණු ඔබ ලේඛනයට යොමු වුණේ කොහොමද?
මම පාසල් යන කාලේ ඉඳලම ලේඛන කටයුතු කළා. දවසක් එහෙම ලියපු එකක් ටීචර් කෙනෙක්ට අහු වෙලා ඇය තමයි මට ඉස්සරහට එන්න උදවු කළේ. ඊට පස්සේ කවි, කෙටි කතා ලියන්න පටන් ගත්තා. පස්සේ තමයි වේදිකාවට ආවේ. දැන් ලේඛන කටයුතු කරනවා වගේම රංගන කටයුතුත් කරනවා.
ඔබගේ රංගනයට, ලේඛන හැකියාවට ඇගයීම් ලැබිලත් තිබෙනවා නේද?
ඔව්, 2010දී මධ්‍යම පළාතේ හොඳම නළුවා වුණා. 2009, 2010, 2011 යන අවුරුදු තුනේදීමත් සම්මාන ලැබුණා. මම ලිව්ව "වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය" නාට්‍යයේ පිටපතටත් හොඳම පිටපත ලෙස සම්මාන ලැබුණා. "වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය" නමින් ලිව්ව පොතත් සමඟම මගේ බිරියත්, "බුද්ධා වනේ ක්‍රිෂ්ණා" නමින් පොතක් ලිව්වා. ලංකාවේ ප්‍රථමවරට සැමියා සහ බිරියක් ලියූ කෙටි කතා පොත් දෙකක්, කෙටි කතා ජෝඩුවක් විදියට එළිදැක්වූවා.
අලුත් නිර්මාණවලටත් දායක වුණාද?
සාම ජාතකය පදනම් කරගත් චිත්‍රපටයක නාරද හිමිගෙ චරිතයට පණ පෙව්වා. ස්වර්ණවාහිනියේ විකාශයට නියමිත බුද්ධික සේරසිංහගේ නිර්මාණයකටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
තවත් අලුත් වැඩ ගැන සැලසුමක් ඇති?
මමයි මගේ බිරියයි ලියපු "ඒමි" කියන ටෙලි නාට්‍යය ඉදිරියට එන්න තියෙනවා. තව මම ලියපු ටෙලි නාට්‍යයක් සහ චිත්‍රපටයක් නිර්මාණ ලෙස එළියට එන්න තියෙනවා. මම ලියපු නවකතාවක් එන්නත් තියෙනවා. මාත්‍රා කියලා නාට්‍යයක් ලියලා තියෙනවා. ඊට අමතරව චිත්‍රපට තිර රචනා දෙකක් ලියලා තියෙනවා. මේ ඔක්කොම කරන්නේ සංජය නිර්මාල් සමඟ. මම ලියපු ගීතයකුත් ඉදිරියට මගේ රසිකයන්ට අහන්න ලැබෙයි.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17