ගුවාතමාලා 'ෆුඑගෝ' යමහල විදාරණයෙන් විශාල පිරිසක් මරුට

  👤  688 readers have read this article !
Published by : MB WEB 2018-06-06 17:49:47

පසුගිය ඉරිදා ගුවාතමාලාවේ ෆුඑගෝ යමහල විදාරණය වීමෙන් 75 දෙනෙකු මියගොස් තවත් 192කු පමණ අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

යමහලෙන් විහිදුන අළු සහ මඩවලින් කන්ද පාමුල පිහිටි ගම්මාන සම්පූර්ණයෙන්ම වැසී ගියේය.

අඟහරුවාදා (05) නැවතත් යමහල සක්‍රීය වීම හේතුවෙන් විපතට පත් පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල විය.

නිල වාර්තාවලට අනුව මිලියන 1.7 ක පිරිසකට මෙමගින් බලපෑම් එල්ලවී තිබෙන අතර තුන්දහසකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.

අඟහරුවාදා සිදු වූ පිපිරීමත් සමග කිලෝමීටර 10ක් (අඩි 33,000) පමණ දුර අහසට අළු විහිදුන අතර මෙය යමහල් පිළිබද විශේෂඥයන් ද පුදුමයට පත් කර ඇත.

ෆුඑගෝ යමහල පිහිටියේ ගුවාතමාලා සිටි අගනුවරින් කිලෝමීටර 40 ක් (සැතපුම් 25 ක්) නිරිතදිගිනි.

විදාරණය වීමත් සමග වැගිරුණු ලාවා දහර එල් රොඩෙඕ (El Rodeo) ගම්මානය හරහා ගලායාම හේතුවෙන් එහි සිටියවුන් නිවෙස් තුළදීම මියගියහ. මේ හේතුවෙන් ගුවාතමාලාහි ප්‍රධාන ගුවන්තොටවන ගෝතමාලා සිටි අගනුවර ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවිය.

එරට විශේෂඥයන්ට අනුව මෙය 1974 වසරෙන් පසුව වාර්තා වූ විශාලතම විදාරණයවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon