සෞදි කාන්තාවන්ට රියැදුරු බලපත්‍ර

  👤  911 readers have read this article !
Published by : MB WEB 2018-06-06 16:19:14

කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර ඇති එකම රාජ්‍ය යන හැඳින්වීමෙන් අත් මිදෙමින් ලබන ජුනි 24දා සිට බලපැවැත්වෙන ලෙස පළමු වතාවට කාන්තාවන් දහ දෙනකුට රියැදුරු බලපත්‍ර ලබාදීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.

ලබන සතිය තුළ රියැදුරු බලපත්‍ර බලාපොරොත්තු වන තවත් කාන්තාවන් 2,000කටද බලපත්‍ර ලබාදීමට සෞදි නිලධාරීහු බලාපොරොත්තු වන බව එරට ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
සමාජ ක්‍රියාකාරීහු කලක සිටම මෙම තහනම ඉවත් කිරීමට බලකරමින් සිටි අතර තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුහු උත්සවද පැවැත් වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon