කැනේඩියානු විස්සයි-20 තරගාවලියට මාලිංග ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 4ක්

  👤  1419 readers have read this article !
Published by : MB WEB 2018-06-06 12:17:59

ජූලි 15 වැනිදා සිට ආරම්භ වන කැනේඩියානු ග්ලෝබල් විස්සයි-20 ක්‍රිකට් තරගවලිය සඳහා ලසිත් මාලිංග, තිසර පෙරේරා, දසුන් ශානක හා ඉසුරු උදාන යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනකුද ඇතුළත්ව සිටී. කැනඩාවේ ටොරෙන්ටෝහි පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා එඩ්මන්ටන් රෝයල්ස්, මොන්ටි්‍රයෙල් ටයිගර්ස්, ටොරොන්ටෝ නැෂනල්ස්, වැන්කුවර් නයිට්ස්, විනිපෙග් හැව්ක්ස් යන කණ්ඩායම් 5 එක්ව ඇති අතර, ලංකාවෙන් ඉදිරිපත්ව සිටින ක්‍රීඩකයන් සිවු දෙනාම මොන්ටීල් ටයිගර්ස් කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ උපත ලද කැනඩා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනකු වන රවිඳු ගුණසේකර හා ශ්‍රීමන්ත විජේරත්නද වැන්කුවර් නයිට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබීමද කැපී පෙනෙන අතර, මොවුන් දෙදෙනා මෑතකදී නිමාව දුටු ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරගාවලියටද සහභාගි වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon