මගේ අම්මා තාත්තා හම්බ කරපු දේපොළවලින් පර්පචුවල් සමාගමටත් සල්ලි දෙන්න පුළුවන්

  👤  1679 readers have read this article !
Published by : MB WEB 2018-06-05 09:54:02

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර


දේශපාලනය කරන්න මට එක එක කොම්පැනිවලින් සල්ලි ගන්න ඕනෑ නැහැ. මගේ තාත්තලා අම්මලා හම්බ කරලා තියෙන දේපොළවලින් මට ඕනෑ නම් පර්පචුවල් සමාගමට කීයක් හරි දෙන්න පුළුවන් යැයි ඇමැති කබීර් හෂීම් මහතා කියයි.


ඔහු එසේ පැවැසුවේ පර්පචුවල් සමාගමෙන් සල්ලි ගත්තේ නැහැ කියා පුළුවන්නම් ප්‍රසිද්ධියේ කියන්නැයි හිටපු දකුණු පළාත් එජාප මන්ත්‍රි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රි ගුණරත්න මහතා පෙරේදා මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.


මාවනැල්ල එජාප කාර්යාලයේදී ඊයේ (4දා) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවැසූ ඇමැති කබීර් හෂීම් මහතා, මෛත්‍රි ගුණරත්න මහතා කරන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් තමා ඥාතියකු හරහාවත් ඔය කියන මුදලක් නොගත් බවත් කීය.


දේශපාලනය කරන්න තමාට හිඟාකන්න ඕනෑ නැතැයිද ඔහු පැවැසීය.
හෂීම් මහතා මෙසේද කීය.


මෛත්‍රි කියන නම අහනකොටත් මම හරි නමටත් ගොඩක් ආසයි. නමුත් මේ මෛත්‍රි ගුණරත්න මහත්තයා ලොකු වෛරයකින් කතා කරන්නේ කුමකටද කියල මම කල්පනා කළා. එතුමා සහ එතුමාගේ කණ්ඩායමක් විපක්ෂයේ ඉන්න කාලේ මහින්ද මහත්තයාට කඩේ යන්න එකතු වෙලා ස්වාධීන කණ්ඩායම් දාලා එක්සත් ජාතික පක්ෂය පරද්දන්න විවිධ උපක්‍රම යොදවලා උත්සාහ කළා.


මම හිතනවා එයාට අදහසක් තිබුණා එජාපයේ බලය අල්ලාගෙන මේ පක්ෂයේ මහ ලේකම් වෙන්නද කොහෙදෝ. එයාට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වීමට මම පළි නැහැ. මම මේ පක්ෂයේ තනතුරු ගන්න කියලා හිතලා මේ පක්ෂයට වැඩ කළේ නැහැ. මට තනතුරක් දුන්නාම එකේ වගකීම තමයි මම ඉටු කළේ. තනතුරෙන් යන්න කියන කොට මම මහත්තයෙක් වාගේ තනතුරෙන් අයින් වෙලා ගියා. මම පක්ෂයට ආදරය කරනවා එහි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon