මිලින්දගේ සුදූ කවුද?

  👤  2999 readers have read this article !
Published by : MB WEB 2018-06-08 09:33:21

මිලින්දගේ සුදූ හිතාගන්න බැරි විදියට හිට් වුණා නේද?

සුදූ ගීතය යූටියුබ් දාලා පැය 24ක් යන්න කලින් Trending number 1 ආවා. මේකට යූටියුබ් එකේ විඩීයෝ 117ක් විතර හදලා දාලා තිබුණා. ඒ අතරිනුත් ගීතයට හදපු වීඩියෝ 5ක් ට්‍රෙන්ඩින් නම්බර්ස්වලට ඇවිත් තිබුණා. මම නම් දන්න විදියට පළමුවැනි වතාවට තමයි එකම සින්දුව වීඩියෝ 5කින් Trending number ආවේ. මේ සින්දුව මාසයක් වගේ කාලයකදී ඉතා ජනප්‍රිය වුණා. මේක වීඩියෝවක් නොකරම ජනප්‍රිය වුණු සින්දුවක්.
ඊට පස්සේ අපි සින්දුවට වීඩියෝවක් නිර්මාණය කළා. වීඩියෝ එකත් එක්කම ගීතය යූටියුබ් දාලා පැය 24ක් යන්නත් කලින් ඒක Trending number 1 වුණා.

"සුදූ" මේ තරම් ප්‍රේක්ෂකයන් අතරට
යන්න හේතුව?

මම කරපු අනෙක් සින්දුවලට වඩා ලොකු ප්‍රේක්ෂක ආදරයක් මට මේ සින්දුව නිසා ලැබිලා තියෙනවා. ෂෝවලදී මේ සින්දුව දෙපාර ගහන්න වෙන අවස්ථාත් තියෙනවා.
FB post පවා දාලා තියෙනවා මම දැක්කා. "මතු දිනෙක මම පොළොවේ වැළලෙන තුරු ඔබෙ දෑත මට අයිති නැතුව ඇති සුදූ" කියලා. මේ වචන ටිකට ගොඩක් අය ආසයි. මේ ගීතයේ කතාවක් තියෙනවා. ගොඩක් අයගෙ ජීවිතයේ අත්දැකීමක් නිසා සින්දුව මිනිස්සු අතරට යන්නැති. මේක ඉතින් මගේ වෙලාව තමයි.

සින්දුව හිට් කරන්න මොනවද
ගහපු තුරුම්පු?

මේ ගීතය හිට් කරන්න කියලා අපි කිසිම දෙයක් කළේ නෑ. සින්දුව මාකට් කරන්න මොකක්ද කරන්න ඕනෙ කියලා බලද්දී සින්දුව නිකම්ම හිට් වුණා. මේ සින්දුවට පොඩි මල්ලි කෙනෙක් එයාගේ girl නැතිවුණු එක සම්බන්ධ කරලා වීඩියෝවක් හදලා FB දාලා තිබුණා. ඒක එක් ලක්ෂ ගාණක් ඉඩචපඥ කරලත් තිබුණා. ඒකත් ඒක හේතුවක් වුණා ගීතය හිට් වෙන්න.

මේ ගීතය මිලින්දට ලැබුණේ
අහම්බයකින් කියන්නේ ඇත්තද?

මේ සින්දුව මට හිතපුවත් නැති වෙලාවක හම්බ වුණේ. මම වෙන සින්දුවක් රෙකෝඩ් කරන්න ගිහින් ඒක වොයිස් කරලා එන අතරතුර සජිත් වී. චතුරංග මට මේ සින්දුව වට්ස්අප් කළා. ඊට පස්සේ මේ සින්දුව ගායනා කරලා යූ.ටියුබ් දැම්මා. වීඩියෝව නැතුව තමයි මුලින්ම මේ සින්දුව යූටියුබ් එකට දැම්මේ.

ගීතයේ වීඩියෝව ගැනත් කතා කරමු.

දැන් තියෙන ඇතැම් මියුසික් වීඩියෝ පවුලේ හැමෝම එක්ක එකට ඉඳන් බලන්න බෑ. ඒත් මේ මියුසික් වීඩියෝව හැමෝම එක්ක බලන්න පුළුවන්. එක් රටක සිදුවුණු සත්‍ය සිදුවීමක් ඇසුරින් ගත්ත අදහසකින් මේ වීඩියෝව නිර්මාණය කළා. වීඩියෝව අධ්‍යක්ෂණය කළේ චාරුක දුෂ්‍යන්ත. වීඩියෝව ගොඩක් සාර්ථකයි. පැතුම් රුක්ෂාන් සහ උදයන්ති කුලතුංග වීඩියෝවේ රංගනයෙන් දායක වෙනවා. ඒ දෙන්නම චාරුක වගේම මේ වැඩේ සාර්ථක කරගන්න සහයෝගය දුන්නා. සජිත් වී. චතුරංග, මතීෂ ලසිත් ජයකොඩි දෙන්නටත් මම ස්තූතිවන්න වෙනවා.

ගීතය හිට් වෙලා නිසා අත මිට සරු ඇති?

අත මිට සරුවෙන්න තව කාලයක් යන්න ඕන. අත මිටටත් හොඳ වෙයි කියලා අපි හිතමු.

මිලින්දගේ සංගීත කටයුතුවලට
බෑන්ඩ් එකෙන් ලැබෙන සහයෝගය
කොයි වගේද?

මගේ සංගීත කණ්ඩායම චමල් වර්ණකුල ප්‍රධාන 'Feed back' සංගීත කණ්ඩායම. මේ වෙන කොට ලංකාවේ දැවැන්ත ප්‍රසංග කරන සංගීත කණ්ඩායමක්. අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චමල් අයියා තමයි අපේ ලීඩර්. සංගීත කණ්ඩායමෙන් මට ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ.Band එක විදියට අපි අට දෙනාම සාර්ථක වෙලා හිටියොත් තමයි බෑන්ඩ් එක හොඳට කරන්න පුළුවන් වෙන්නේ.
මම අලුත් සින්දුවක් හදන් ආවා කියලා සින්දුව Play නොකර ඉන්නේ නෑ. චමල් අයියා හිත හොඳ කෙනෙක්. වැඩේ හොඳ නම් මඟ අරින්නේ නෑ.
චමල් අයියා ඇතුළු කණ්ඩායමේ හැම කෙනෙක්ටමත් මම ස්තුතිවන්ත වෙනවා.

ඉදිරියේදී අලුත් නිර්මාණ
ප්‍රේක්ෂකයන්ට
අහන්න පුළුවන් වෙයිද?

ඉස්සරහට සුදූ 02 එනවා. මගේ අලුත් සින්දුව කරන්න plan කරනවා. ඒ ගීතයත් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයො වැලඳගනී කියලා හිතනවා.

පවුල් ජීවිතේ ගැනත් කතා කරමු.

මගේ පවුලේ ඉන්නෙ මමයි, මගේ බිරියයි, බබලා දෙන්නා සහ අම්මා, තාත්තා. පවුල් ජීවිතය සතුටින් ගෙවනවා. ගෙදර රැඳෙන්න තියෙන කාලය නම් අඩුයි. ඒත් පුළුවන් තරම් පවුල වෙනුවෙන් කැප වෙනවා.

ඉරේෂා කල්හාරි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon