සල්මන් මෙදාසැරේ කරපු දේ

  👤  1952 readers have read this article !
Published by : MB WEB 2018-06-07 09:20:34

මේ මාසයේ තිරගත වන්නට නියමිත Race 3 හින්දි චිත්‍රපටයෙන් ඔබට අනිල් කපූර්, සල්මන් ඛාන් හා ජැක්ලින් ෆැර්ඩිනැන්ඩස් වැනි සුපිරි රංගන තරු කිහිපදෙනෙක්ගේම රංගනය දැක ගන්න පුළුවන්. සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩවෙන මේ සිනමා නිර්මාණයට ප්‍රථම වතාවට ඔහු ගීත රචකයෙක් විදියටත් සම්බන්ධ වෙනවා.

Race 3 චිත්‍රපටයේ Selfish නම් වූ ගීතයට පද රචනය කරමින් තමයි සල්මන් බොලිවුඩයට ගීත රචකයෙක් ලෙස එක්වන්නේ. අතිෆ් අස්ලම් ගායනා කරන මේ ගීතයට සල්මන් ඛාන්, ජැක්ලින් හා බොබී ඩියෝල්ද රංගනයෙන් එක් වෙනවා.

මීට කලින් සල්මන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව හා ගායන හැකියාවන් අත්විඳි රසිකයන්ට Race 3 චිත්‍රපටය අලුත් අත්දැකීමක් වේවි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon