මීට පස්සේ අපිට සල්ලි දෙන්න ආවොත් කාමරේකට දාලා වහලා සී.අයි.ඩී.යට කියනවා - හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

  👤  1357 readers have read this article !
Published by : MB WEB 2018-06-04 11:50:40

සිරිනාම රාජපක්ෂ


මින් පසුව එළැඹෙන මැතිවරණ ව්‍යාපාරවලදී අනුග්‍රහයක් ලබාදීමට කැමැති පුද්ගලයන්ගෙන් මුදල් ආධාර ලබා ගැනීමේදී ඔවුන් පිළිබඳව පොලිස් වාර්තාවක් සහ ග්‍රාමසේවා සහතිකයක් සමඟ ඔවුන්ගේ උප්පැන්න සහතිකයක්ද ඉල්ලා සිටීමට අදහස් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.


පසුගිය සෙනසුරාදා (02දා) කොළඹදී පැවැති වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික සුහද හමුවේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වෙමින් එසේ පැවැසූ ජයසේකර මහතා තවදුරටත් කියා සිටියේ,


එසේ කැමැත්තෙන් මුදල් දෙන්නට එන තැනැත්තකු පැමිණි පසු කාමරයකට දමා ‍ෙදාරවසා ඔහු ගැන සී.අයි.ඩී.යට පැමිණිලි කළ යුතු තත්ත්වයකට පත්වී ඇති බවයි.
තවද එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වත්මන් ක්‍රීඩා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කල්ලි වාදය ඉස්මතුව ඇතැයි යන කතාව තමන් නොපිළිගන්නා බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා එකම කණ්ඩායමක් සේ කටයුතු කරන බවද පැවැසූ මුස්තාපා මහතා,


"එහෙම කල්ලි දෙක තුනක් අපේ පක්ෂයේ නැහැ. අපේ පක්ෂයේ කට්ටියක් විපක්ෂයේ හිටියත්, අපි එකම ප්‍රතිපත්තියක ඉන්නවා. පක්ෂයක් හැටියට අපි එකට දේශපාලන කටයුතු කරගෙන යනවා" යනුවෙන් පැවැසීය.


ඡායාරූපය - වෙනුර චන්ද්‍රමාලිත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon