ඉන්දියාවේ අකුණු හා තද සුළං මැද රැසක් මියයති.

  👤  1353 readers have read this article !
Published by : MB WEB 2018-05-30 15:16:39

ඊයේ දින(29) උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කීපයක අකුණු සැර හා තද සුළං හමුවේ පුද්ගලයින් පනස් දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

සැඩ සුළං සහ අකුණු සැර වැදීම හේතුවෙන් දේපළ විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර තවත් පුද්ගලයන් රැසක් තුවාල ලැබූහ.

බොහෝ දෙනෙකු මිය ගොස් ඇත්තේ නිවෙස් තුළ නිදා සිටියදී තද සුළං හෝ අකුණු සැර වැදී නිවාස කඩාවැටීමෙන්ය.

අකුණු සැර වැදීමෙන් සිදු වූ මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ බිහාර් ප්‍රාන්තයෙන්ය.

මෙම සිදුවීමට සති කීපයකට පෙර ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට බලපෑ දූවිලි කුණාටුවකින් සිය දෙනෙකුට අධික පිරිසක් මිය ගියහ.

මෝසම් වැසි සමයේදී ඉන්දියාවේ අකුණු සැර වැදීම් සාමාන්‍ය තත්වයකි.

මේ අතර, උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ ගසක් කඩා වැටීමෙන් දරුවන් තිදෙනෙකු මියගොස් ඇති බව PTI පුවත් ඒජන්සිය පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon