රජ පවුලට එක්වූ මේගන්ට තහංචි පනින්න බෑ
හැරී සහ මේගන්ගේ විවාහය බොහෝ දෙනකුට තිත්ත වුවත් දැන් යථාර්ථයක්. වේල්සයේ රෝස කුසුම වූ ඩයනා කුමරියගේත්, චාල්ස් කුමරුගේත් දෙවැනි පුතුගේ විවාහය බොහෝ දෙනකුට පුදුම උපදවන කාරණයක් බවට පත් වුණා. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරමින් තරුණියන් කිහිපදෙනකු සමඟම පෙම් සබඳතා තිබූ බවට නම අෑ¼දා ගත් හැරී කුමරුගේ හිත අවසානයේ නතර වුණේ ඇමෙරිකානු නිළියක් වුණු මේගන් මාකෙල් අබියසයි.
ඇගේ ජාතියවත්, ඇය කලින් විවාහ වූ කාන්තාවක් කියන කාරණයවත්, ඇගේ මවුපියන් වෙනම ජීවත් වන කාරණයක්වත් හැරීගේ ප්‍රේමය අබියස වැදගත් කාරණා බවට පත් වුණේ නැහැ. ඒ නිසාම අවසානයේදී අවුරුදු විසි දෙකකට කලින් බකින්හැම් මාලිගය ඉදිරිපිට වැවට පිටදී ඡායාරූප ගත්ත කෙල්ල අවසානයේදී එම මාලිගයේ කිරුළ හිමි කුමාරයෙක් සිය ස්වාමියා කර ගන්නවා.
'සසෙක්ස්හි ආදිපාදවරිය' මින් පස්සේ ඇමෙරිකානු නිළියක් වුණු මේගන් මාකෙල් හඳුන්වන්නේ ඒ නමින්. විවාහය පැවැත්වීමට කලින් මැයි 19 වැනිදා උදෑසන එළිසබෙත් මහ රැජන විසින් තමන්ගේ මුනුපුරාට සසෙක්ස්හි ආදිපාද පදවිය පිරිනැමුවා. ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැති විවාහ මංගලෝත්සවයෙන් පස්සේ මේගන් මාකෙල් සසෙක්ස්හි ආදිපාදවරිය ලෙස රාජකීය පවුලට එක් වුණා. ඇය ගැන රාජකීය නිල වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කෙරුණේ ඇගේ වෘත්තීය ජීවිතය ගැනත් සටහනක් එක් කරමින්.
හැරී සහ මේගන් විවාහය සිදුවූ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය බි්රතාන්ය රජ පවුලේ සංකේතයක් ලෙස සැලකෙනවා. හැරී තමන්ගේ වැඩිමහල් සොයුරා වුණු විලියම් කුමාරයා එක්ක දේවස්ථානයට ඇතුළු වෙද්දී මේගන් දේවස්ථානයේ උස් වූ පඩිපෙළ නැඟ ආවේ තනිවම. දේවස්ථානය තුළදී ඇය කැඳවාගෙන ගියේ ඇගේම මාමණ්ඩිය වුණු චාල්ස් කුමාරයා. තම සැමියාගෙන් වෙන්ව ජීවත් වුණු මේගන්ගේ මව ඩොරියා තමන්ගේ දියණියගේ විවාහ දිනයේදී සිනාසුණේ කඳුළු පිරි දෑසින්. දෑසට වරින් වර නැඟුණු කඳුළු පිසලමින් ගැඹුරු හුස්ම හෙළන ඇය කැමරා කාචවල අපූරුවට සටහන්ව තිබුණා. දේවස්ථානයේ අෑ අසුන්ගත් ආසනයේ වම්පස අසුන හිස්ව තිබුණේ ඇගේ විවාහක සැමියා අසනීප තත්ත්වයක් නිසා විවාහයට සහභාගි නොවුණු බැවින්. නමුත් චාල්ස් කුමාරයා මේගන්ගේ පියාගේ තැන ගැනීම සංවේදී මොහොතක් බවට පත්වුණා.
මේගන් හැරීගේ මනාලිය බවට පත් වුණේ රාජකීය පවුලේ අය වගේම තරු පිරිවරාගත් මොහොතකදී. ඒ අතර අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකානු ධනපති කාන්තාවක් වූ ඔපෙරා වින්ෆ්‍රී වගේම ලෝක ශූර ටෙනිස් තරුවක් වූ සෙරීනා විලියම්, බොලිවුඩයේ සුපිරි තරුවක් වු ප්‍රියංකා චොප්රාත් හිටියා. බි්රතාන්ය රාජකීය පවුලට අලුතින්ම එක්වුණු සාමාජිකාව වූ මේගන්ට රජ පවුලේ තහංචි කිහිපයටත් මුහුණදීමට සිදුවේවි. සමරු සටහන් නොදීම, සෙල්ෆි ඡායාරූප නොගැනීම, තද වර්ණ තොල් ආලේපන හා හිස ආලේපනවලින් අෑත් වීම වගේ දේවලුත් ඒ අතරට ඇතුළත්. ඒ කොහොම වුණත් හැරී - මේගන් රාජකීය විවාහ මංගලෝත්සවයෙන් පස්සේ තවත් රාජකීය විවාහ මංගලෝත්සවයක් සියැසින් දැක බලාගන්න නම් තවත් අවුරුදු විස්සක්වත් ගතවෙයි කියලා තමයි රාජකීය පවුල පිළිබඳ තතු දත්තෝ කියන්නේ.
සවනි ශේෂාදි
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21