ඩඩ්ලි හා ලලිත් පාසල් අතර රිදී-නිල් සටන 26දා ඕවල්හිදී

  👤  699 readers have read this article !
Published by : MB WEB 2018-05-25 16:02:12

කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය අතර තුන්වැනි වරටත් ඩඩ්ලි සේනානායක අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන "රිදී-නිල් සටන" මහා ක්‍රිකට් තරගය හෙට (26දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එහිදී ඩඩ්ලි සේනානායක විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණිෂ්ක ලක්ෂාන් ජයවර්ධන හට හිමි වී ඇති අතර උපනායකත්වය ඩිල්ෂාන් සුමේධ හට හිමි වී ඇත. තවද ප්‍රබුද්ධ ජයමාල්, ලලිත් ඇතුලත්මුදලි විදුහලේ නායකයා ලෙස ද රවීන්ද්‍ර දේවේන්ද්‍ර උපනායකයා ද ලෙස කටයුතු කරයි.

කොළඹ ඩඩ්ලි සේනානායක විදුහලේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ විදුහල්පති කිත්මෙවන් ජයවීර මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ මෙවර "රිදී-නිල් සටන" මහා ක්‍රිකට් තරගය සංවිධානය කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon