රාජකීය මංගල්‍යයේ නිල ඡායාරූප නිකුත් වෙයි

  👤  1914 readers have read this article !
Published by : MB WEB 2018-05-23 16:28:40

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මෙගාන් කුමරිය සිය රාජකීය විවාහ මංගල්‍යයේ නිල ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇත.

මෙම ඡායාරූප අතර රාජකීය මනාල යුවළ මල්කුමර කුමරියන් දස දෙනා සමඟ පෙනී සිටින ඡායාරූපයක් මෙන්ම දෙවැනි එළිසබෙත් මහ රැජන හා දෙපාර්ශ්වයේ සමීපතම ඥාතීන් සමඟ ගත් ඡායාරූපයක්ද වේ. කෙසේ වුවත් මෙගාන්ගේ පාර්ශ්වයෙන් රාජකීය විවාහ මංගල්‍යයට සහභාගි වූ එකම ඥාතියා වන්නේ ඇයගේ මව වන ඩොරියා රැග්ලන්ඩ් (ච්ධපඪච අචඨතචදඤ) බවද සඳහන් වේ.

හැරී - මෙගාන් යුවළගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේද ඡායාරූප ගනු ලැබූ ඇලෙක්සි ලුබෝමිර්ස්කි (ඒතඥයඪ ඹ්භඡධථඪපඵඬඪ) ඡායාරූප ශිල්පියා විසින් මංගල උත්සවයේ නිල ඡායාරූපයද ගන්නා ලදී. සිය වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද ඉතාමත් අලංකාරවත් පරිච්ඡේදයක් වන මෙම අවස්ථාව පිළිබඳ ඉතා සතුටු වන අතර කිසිදා අමතක නොවන්නක් බවද ඔහු කියයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon