හිරු සුපර් ඩාන්සර් ‘ජින්නා’ හදගැස්මට කී කතාව

  👤  3456 readers have read this article !
Published by : MB WEB 2018-05-22 16:00:38

හිරු සුපර් ඩාන්සර් කිරුළ හිමි කරගත්තේ ඔබ.
එම කිරුළේ හිමිකාරිය වීමේ හැඟීම කොයි වගේද?

ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වෙලාවේ කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා.

අවසන් මහා තරගය දවසේ තිනේෂිකා හැම වෙලාවෙම දැක්කේ සිනාමුසු මුහුණින්. එදා බයකින් නෙවෙයිද හිටියේ?

අම්මෝ ලොකු බයකින් හිටියේ. හැබැයි ඒ බය පෙන්නුවේ නෑ. මම හොඳට හිනාවෙලා හිටියා.

දිනුම බලාපොරොත්තුවෙන්මද හිටියේ?

එහෙම නෑ කියන්නත් බෑ. දිනුම ගැන බලාපොරොත්තුවක් හිතේ තිබ්බා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා මම හිරු සුපර් ඩාන්සර් වෙද්දී ඊටත් වඩා ලොකු සතුටක් දැනුණා.

ඔබට මේ තරගයේදී ලොකු අභියෝගයක් වුණේ කවුද?

ජනිඳු තමයි ලොකු අභියෝගයක් වුණේ.

තිනේෂිකාට ජින්නා කියන නම දැම්මේ කවුද?

ලලිත් සර් තමයි ඒ නම දැම්මේ. මම ජිම්නාස්ටික් එහෙමත් කරන නිසා ආදරේට ඒ නම දැම්මා.

ලලිත් සර් නොහිටියා නම් තිනේෂිකාට දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම බෑ. සර් තමයි මාව මේ තරම් පුහුණු කළේ. ලලිත් සර් නැත්නම් මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැති වෙයි.

ඒ කියන්නේ ලලිත් සර්ගෙන් ලොකු සහායක් ලැබුණා කියන එක නේද?

ඇත්තටම සර්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. තාත්තා කෙනෙක් වගේ මාව බලාගත්තා. මාව වැටෙන්නවත් දුන්නෙ නෑ. හරිම පරිස්සමට මාව බලාගත්තා. පුහුණුවීම් කරද්දිත් මං ගැන ගොඩක් හිතුවා.

තිනේෂිකා පොඩි කාලේ ඉඳන්ම නර්තනය හදාරනවාද?

ඔව්. මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම නර්තනය හදාරනවා.

ජිම්නාස්ටික් කරන්න යොමු වුණේ කොයි කාලේ ඉඳන්ද?

2 වසරේ ඉඳන් තමයි මම ජිම්නාස්ටික්වලට යොමු වුණේ. මම ජිම්නාස්ටික්වලට ගොඩක් කැමැතියි.

නර්තනයෙන්, ජිම්නාස්ටික්වලින් මීට පෙර ජයග්‍රහණ ලබාගෙන තිබෙනවාද?

ඔව්. ජිම්නාස්ටික්වලින් සමස්ත ලංකා පළමුවැනි ස්ථානය ලබා ගත්තා. නැටුම්වලත් පළාත් තරග වෙනකම්ම ආවා. ජයග්‍රහණ කිහිපයක්ම මම ලබාගෙන තිබෙනවා. හිරු සුපර් ඩාන්සර් වීම මම ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්.

පාසලෙන් මොන වගේ සහායක්ද තිනේෂිකාට ලැබුණේ?

පාසලේ ලොකු මැඩම්ගෙන් වගේම ඩාන්සින් මැඩම්ගෙනුත් ලොකු සහයෝගයක් මට ලැබුණා. යාළුවන්ගෙනුත් මට ලොකු ශක්තියක් ලැබුණා. එයාලා මාව දිරිමත් කළා. මගේ ජයග්‍රහණය ගැන එයාලට ලොකු සතුටක් තියෙනවා.

තිනේෂිකාගේ ජයග්‍රහණයට තෑග්ග විදියට ලැබුණේ කාර් එකක්. කාර් එකක් ගැන ආසාවක් තිබ්බද?

ඔව්. මම කාර්වලට ආසයි. මට කාර් එකක් ලැබුණම සතුටු හිතුණා.

ඒක දැන් කාටද දෙන්නේ?

කාර් එක තාත්තාට තමයි දෙන්නේ.

තිනේෂිකාට හයියක් වුණු පවුලේ අය ගැනත් මතක් කරමු.

පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. අම්ම රැකියාවක් කරන්නේ නෑ. තාත්තා මාළු බිස්නස් කරනවා. අම්මයි තාත්තායි මට ගොඩක් ලොකු සහායක් දුන්නා. මට මගේ හැකියාව ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය දේවල් අම්මයි, තාත්තයි මට ලබාදුන්නා.

ගමේ අයගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?

ගමේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඉර්ඉ කළා. මුදල්වලින් ආධාර කළා. ඒ අය මට දුන්න ශක්තියත් මට ඉදිරියට එද්දී වැදගත් වුණා.

අනාගතයේ නර්තන අංශයෙන්ම ඉදිරියට යන්නද බලාපොරොත්තු වෙන්නේ?

ඔව්. නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නර්තනය කියන්නේ මගේ ඇඟේම තියෙන දෙයක්. මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කැමැතියි.

උදාරා ඉන්දීවරී ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon