‍කියුබාවේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මරුට

  👤  1857 readers have read this article !
Published by : MB WEB 2018-05-19 10:08:25

කියුබාවේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබේ.

කියුබාවේ හොල්ගින් සිට ගමන් ඇරඹූ බෝයින් 737 වර්ගයේ අදාළ ගුවන් යානය  හවානා හි මාටි අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේදී  අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්යමණ්ඩලය ඇතුළුව පුද්ගලයින් එකසිය දහ දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර එහි සියලුම මගීන් කියුබානු ජාතිකයින් බව සඳහන්ය.

පුද්ගලයින් තිදෙනෙකුගේ පමණක් දිවි බේරාගැනීමට සමත්ව ඇති අතර ඔවුන් ද අසාද්‍ය තත්වයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අනතුරට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ ගුවන් යානය 1979 වර්ෂයේ නිෂ්පාදිත ගුවන් යානයක් බව සඳහන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon