පැය තුනකට කලින් ගුවන්තොටුපොළට පැමිණෙන්න

  👤  1515 readers have read this article !
Published by : MB WEB 2018-05-17 15:07:18

ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත දන්වා සිටියි.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම නිවේදනය කර තිබේ.

අද 17 දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon