රංගන තරුවක් වූ දෝණි ගැන අජිත් බණ්ඩාර කී කතාව

  👤  2776 readers have read this article !
Published by : MB WEB 2018-05-16 16:05:42

ඔබේ දුව ඔබ වගේම රියැලිටි වැඩසටහනක ජයග්‍රාහී තරුව වෙලා?

ඔව්. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම මේ ක්‍ෂේත්‍රයට එද්දී මගේ බිරිය මාස තුනක ගැබිනියක්. මම කලා ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු ‍ෙදාළහක් ගත වෙද්දී මගේ දුව සත්සරණී චංචලා ලංකාවේ ප්‍රධානම නාළිකාවක් වන හිරු නාළිකාවේ දරුවන් වෙනුවෙන් තිබුණු පළමුවැනි රංගන රියැලිටි වැඩසටහනට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලබලා තියෙනවා. හිරු සුපර් හීිරෝ තරගයේ ජයග්‍රහණය දුවට හිමිවීම ගැන මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ.

ඔය සතුටත් එක්ක දුව ආපු ගමන් මඟ ගැන ආඩම්බරයකුත් ඇති?

ගොඩක් ලොකු ආඩම්බරයක් මට තියෙනවා. මාස නවයක් දහයක් තිස්සේ මමයි බිරියයි ගොඩක් මහන්සි වුණා. දුවට ගොඩක් අය උදවු කළා. මම හිතනවා දුවට සාධාරණ විනිශ්චයක් ලැබුණා කියලා.

තාත්තාගේ ජනප්‍රියත්වය දුවගේ මේ ජයග්‍රහණයට බලපෑවේ නැද්ද?

මම පේන්න හිටියා නම් මගේ ජනප්‍රියත්වයෙන් දුවට බලපෑමක් වෙන්න තිබ්බා.
ඒ කිව්වේ?

දුව තරගයේ ඉද්දි මම එතැනට ගියේම නෑ. බිරියව තමයි මම එතැනට යැව්වේ. මොකද මම එතැනට ගියොත් දුවට අසාධාරණයක් වෙයිද කියලා මට හිතුණා. ඒ නිසා අවසන් තරගය වෙනකල්ම මම දුව එක්ක එතැනට ගියේ නැහැ. මගේ දුව කියලා දැනගත්තොත් අසාධාරණයක් වුණොත් ඒක දුවගේ දක්‍ෂතාවට හොඳ නෑ.

තරගයේ කවුරුත් දැනගෙන හිටියේ නැද්ද සත්සරණී ඔබේ දුව කියලා?

නෑ. අවසන් තරගයේදීත් ගොඩක් අය හිතුවේ මම ආරාධිතයෙක් විදිහට එතැනට ගෙනැල්ලා කියලා. පස්සේ තමයි ගොඩක් අය දැන ගත්තේ මගේ දුව වෙනුවෙන් මම එතැනට ගියේ කියලා.

දුවගේ රංගනයට මේ වගේ ඇගයීමක් ලැබෙයි කියලා විශ්වාසය තියාගෙනද හිටියේ?

දුවට හොඳට නටන්න, සින්දු කියන්නත් පුළුවන්. දුව පාසලේ නාට්‍යවලට සම්බන්ධ වෙනවා. එයාට ක්‍රීඩා හැකියාවත් තියෙනවා. ඉතිං මගේ බිරිය තමයි දුවගේ අයදුම්පත මේ තරගයට දැම්මේ. තරගයට ඉදිරිපත් කරන කල් දුවට මේ තරම් රංගන දක්‍ෂතාවක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. තරගාවලියේ පළමු දෙවැනි වටවලට යද්දී තමයි දුව රංගනයට මේ තරම් දක්‍ෂයි කියලා තේරුණේ.

දුව තාත්තාට දෙවැනි වුණේ නෑනේ?

ඔව්. එයා එයාගේ දක්‍ෂකමින් තමයි ඉදිරියට ආවේ. එයාව පුහුණු කළ ගුරුවරුන්ගේ උදව්ව, මඟ පෙන්වීම නිසා එයාට මේ ගමන එන්න පුළුවන් වුණා. අපි එයා වෙනුවෙන් වුණ මහන්සියට සාධාරණය ඉෂ්ට කළා.

දැන් අජිත් දුවව නිර්මාණවලටත් යොමු කරයිද?

ප්‍රධාන දේ තමයි දුවගේ ඉගෙනීම. මේ තරගයේ වැඩ කටයුතු නිසා දුවට මාස පහ හයක් ඉස්කෝලෙත් යන්න බැරි වුණා. විනිශ්චය මණ්ඩලය වුණත් කිව්වේ හොඳ නිර්මාණයකට මිසක් ඉල්ලන විධියට හැම කෙනාටම දුවව දෙන්න එපා කියලා. මොන දේ තිබ්බත් ඉගෙනීම ගැන හිතන්න ඕන. ප්‍රධාන තැන ඉගෙනීමට දීලා හොඳ නිර්මාණයක් ලැබුණොත් දුවව සම්බන්ධ කරන්න බලනවා.

දුවට ගායන හැකියාවත් තියෙන එකේ තාත්තයි දුවයි ගීතයක් කළොත් නරකද?

මමයි දුවයි එකතු වෙලා ගීතයක් කරන්නත් අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒකත් සිදුවේවි.


පසුගිය කාලේ අජිත්ගේ ගීතයකුත් එළියට ආවා නේද?

ඔව්. මම අවුරුද්දකට විතර පස්සේ කළ "හීන යාය පුරා" කියන ගීතය රිලීස් කළා. ඒක මේ දවස්වල ෂෝවලත් කියනවා. නාළිකාවලත් ප්‍රචාරය වෙනවා.

"හීනයාය පුරා" ගීතයට කොහොමද ප්‍රතිචාර?

නාළිකා කිහිපයකින්ම ගීතය ප්‍රචාරය වෙන නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ක්‍ෂේත්‍රයට ආපු කාලෙත් එක්ක බලද්දී අජිත්ගේ ජනප්‍රියත්වය තාමත් තියෙනවා කියලා හිතෙනවාද?

ජනප්‍රියත්වය කියන දේ අඩු වැඩි වෙනවා. ඒත් අජිත් බණ්ඩාර කියන මාව ලංකාවම දන්නවා. මට ලැබෙන ආදරය, ගරුත්වය තාම මට ලැබෙනවා. ඒක මට වටිනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon