400කට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට පියවර

  👤  1954 readers have read this article !
Published by : MB WEB 2018-05-15 13:12:26

විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම හෙට (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී මෙම පිරිසට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරෙන බව ආගමන විගමන පාලක ජනරල් එම්.එන්. රණසිංහ මහතා පවසයි.

පසුගිය වසර 03 තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 32,000ක් පමණ ද්විත්වපුරවැසිභාවය ලබාගෙන ඇති බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසි ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon