ක්‍රිකට් නිලවරණය 31දා

  👤  1135 readers have read this article !
Published by : MB WEB 2018-05-11 16:57:16

නීතිපතිවරයාගේ නිර්දේශය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 19 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබුණද නීතිමය තත්ත්වයන් හේතුකොට ගෙන නිලවරණය කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිලවරණ කමිටුවක් පත්කර යුතු බවටද නව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගත් තීරණය අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැයි 19 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුව පත්කිරීමට පියවර ගෙන ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon