ට්‍රම්ප්ගේ තීරණය ගැන ලෝක අවධානය යොමු වෙයි

  👤  1444 readers have read this article !
Published by : MB WEB 2018-05-09 13:16:15

ඉරානය සමඟ අස්සන් කර ඇති න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වන්නේද නැද්ද යන තීරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගැනීමට නියමිත අතර ඒ කෙරෙහි විශාල වශයෙන් ලෝකයේ අවධානය යොමුව තිබේ.

එකී ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වන්නේද නැද්ද යන කාරණා මත ඉරානය මත පනවා තිබූ සම්බාධක නැවත පැනවෙන්නේද යන්නද තීරණය වීම මීට හේතුවයි.
මෙම මැයි 12දා ගිවිසුමෙන් ඉවත්වන බව ජනධිපති ට්‍රම්ප් ජනවාරි මාසයේදී ප්‍රකාශ කර තිබිණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සමස්ත ගිවිසුම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නවතා ඇති බවට ධවල මන්දිරය ඉඟි කර ඇතත් කුමන කාරණා පිළිගනීද යන්න ගැන පැහැදිලි නැති බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ වුවද ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම නැවැත්වීමට හැකි හොඳම ක්‍රමය මෙය බව යුරෝපීය රටවල් සිතයි.

නාන බේසමේ ඉතිරි වතුර සමඟ බබාවද ඉවත විසි නොකරන්නැයි බි්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ප්‍රංශය, බි්‍රතාන්‍ය සහ ජර්මනිය තවදුරටත් ඉරානය සමඟ ගිවිසුමට අනුගත වන බව ප්‍රංශ විදේශ අමාත්‍යවරයා දන්වා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon