පාකිස්තානු හොකී වීරයාට ඉන්දියාවෙන් හදවතක්

  👤  1202 readers have read this article !
Published by : MB WEB 2018-05-09 16:18:06

ලෝක ශූරතාව දිනූ පාකිස්තානු හොකී කණ්ඩායමේ දැල රකින ක්‍රීඩක මන්සුර් අහමඩ් කලක් තම ප්‍රතිවාදීන් වූ ඉන්දීය කණ්ඩායමේ හදවත් බිඳ හෙළමින් ක්‍රීඩා කළද පසුගියදා දිවි රැකගන්න හදවත් සැත්කමක් සඳහා ඉන්දියාව වෙත පැමිණියා. මේ වන විට දරුණු හදවත් ආබාධයකින් පෙළෙන ඔහු 49 හැවිරිදි වියේ පසු වෙනවා.

වසර 2008 මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දීය - පාකිස්තානු සබඳතා බිඳ වැටුණු අතර ඉන්දියාව චෝදනා කළේ එය පාකිස්තානය විසින් සිදුකරන ලද්දක් බවයි. නමුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පාකිස්තානයෙන් කෙරෙන ඉල්ලීම් සඳහා ඉන්දියාවෙන් බාධාවක් නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon