ශ්‍රී ලංකාවෙන් සිවු දෙනකුගේ කණ්ඩායමක්

  👤  1390 readers have read this article !
Published by : MB WEB 2018-05-09 12:42:01

මැයි මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා මලයාසියාවේ ක්වාලලාම්පූර්හි ජාතික ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත මලයාසියානු විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට යාම සඳහා කොළඹ සුගතදාස පිටියේදී පසුගියදා පැවැති පළමු තේරීම් තරගයේදී මීටර් 200 ඉසව්ව තත්. 20.68කදී අවසන් කරමින් එතෙක් සුගත් තිලකරත්න විසින් තබා තිබූ වාර්තාව බිඳ හෙලූ විනෝජ් සුරංජය මලයාසියානු විවෘත තරගාවලිය සඳහා එක්ව සිටින නමුත් මෙම තරගාවලියට සහභාගි වීම හේතුවෙන් එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් 12 වැනිදා පැවැත්වෙන දෙවැනි තේරීම් තරගය සඳහා එක්වීමට විනෝජ් සුරංජයට නොහැකි වී ඇත.

කෙසේ වෙතත් මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉදිරිපත් වන අනෙක් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ රුමේෂිකා රත්නායකයි. පසුගිය ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම දිනාගැනීමට සමත්ව සිටින ඇයගේ මීටර් 200 හා මීටර් 100 හොඳම කාලය බවට පත්ව ඇත්තේ තත්. 23.40ක් හා තත්. 11.51කි.

මේ අතර මීටර් 400 ඉසව්වවෙන් කාලිංග කුමාරගේ හා මීටර් 400 කඩුලු ඉසව්වෙන් අසංක රත්නසේනද මලයාසියානු විවෘත මලලක්‍රීඩා තරගාවලිය සඳහා එක්ව සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon