හවායි: 'කිලවෙයා' යමහල නැවතත් විදාරණය වේ

  👤  1680 readers have read this article !
Published by : MB WEB 2018-05-08 13:43:00

හවායිවල පිහිටි 'කිලවෙයා' (Kilauea) යමහල විදාරණය වීමෙන් නිවාස විසි හයක් විනාශ වී ඇත. මැයි 6 රාත්‍රියේ සිට යමහල නැවතත් සක්‍රීය වීමෙන් තවත් සිය ගණනක් නිවාස අවදානම් තත්වයක පවතී.

පුද්ගලයන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එම අවදානම් කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. සුරතල් සතුන් මුදා ගැනීම සදහා සමහර පුද්ගලයන්ට නැවතත් සිය නිවෙස් කරා යෑමට අවසර ලබා දුන්නත්, එහි රැඳී සිටීම අනාරක්ෂිත බව නිලධාරීහු පවසති.

'ලයිලානි එස්ටේට්ස්' (Leilani Estates) නම් ප්‍රදේශයේ පිහිටි මෙම යමහලෙන් ඊයේ රාත්‍රියේ මීටර් හැත්තෑවක් පමණ ඉහළට ලාවා විසිර යමින් තිබුණි.

පසුගිය සිකුරාදා හවායි දූපත්වලට බලපෑ භූමිකම්පාව රික්ටර් මාපකයේ සටහන් වී තිබුණේ 6.9 ක් ලෙසය.

'බ්රෙන්ටන් අවා' නම් නිවැසියෙක් සිය අත්දැකීම් බීබීසීයට මෙසේ විස්තර කළේය.

"සුරතල් සතුන් තවමත් කූඩුවල හෝ දම්වැල්වලින් බැඳ දමා, ආහාර නොමැතිව සිටිනු දකින විට මට මහත් දුකක් දැනුණා. ඉතින් අපි ආපසු ගිහින් ඔවුන්ට කන්න යමක් දුන්නේ. මෙය ඉතා දුක්මුසු තත්වයක්"

'කිලවෙයා' ලෝකයේ වඩාත් සක්‍රීය යමහල්වලින් එකක් වන අතර වසර තිස් පහක කාලයක් ඇතුළත බොහෝ වතාවක් එය විදාරණය වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon