බි්‍රතාන්‍ය රජ පවුලට අලුත් කුමාරයෙක්

  👤  1833 readers have read this article !
Published by : MB WEB 2018-05-02 17:20:38

බි්‍රතාන්‍ය රාජකීය පවුලට පසුගිය අප්‍රේල් 23 වැනිදා නව සාමාජිකයෙක් එක්වුණා. අලුතින් එක්වුණු මේ සාමාජිකයා විලියම් කුමරුන්ගේත් කේට් කුමරියගේත් තුන්වැනි දරුවා.

විලියම් කුමරුට සහ කේට් කුමරියට තවත් දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය. ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ඉපදුණු ශාන්ත මේරි රෝහලේම තමයි අලුත් කුමාරයත් ඉපදිලා තියෙන්නේ. ඔවුන් ඉපදෙද්දී කේට් කුමරියගේ සහායට හිටි වෛද්‍ය කණ්ඩායමම තමයි මෙවරත් කේට් කුමරිය සමඟ ඉඳල තියෙන්නේ.

තවම මේ අලුත් කුමාරයාට නමක් නම් තියලා නැහැ. කේට් කුමරියගේ තෙවැනි දරු උපත ගැනත් බි්‍රතාන්‍ය ජනතාව බොහෝම සතුටින්.

උදාරා ඉන්දීවරී
ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon