මේ මස අවසානයේ කිම් - ට්‍රම්ප් හමුවක්

  👤  1303 readers have read this article !
Published by : MB WEB 2018-05-02 14:31:08

මේ මස (මැයි) අවසානයේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු හා දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේදී හෙවත් DMZ (Demilitarized Zone)  හිදී පැවැත්වීමට එකඟතාවක් ඇතිවී ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

පසුගියදා ඓතිහාසික ලෙස උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු නායකයා හමුවී සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ DMZ කලාපයේ පිහිටි පන්මුන්ජොම් (Panmunjom) මන්දිරයම උතුරු කොරියානු නායකයා හා ට්‍රම්ප් අතර සාකච්ඡාවට සුදුසු බව තීරණය වී ඇතැයි කියැවේ.

කිම් ජොන් අන් සහ ට්‍රම්ප් අතර සාකච්ඡාවට DMZ කලාපය සුදුසු බව දකුණු කොරියානු නායක මූන් ජේ - ඉන් විසින් කිම් ජොන් අන්ට තහවුරු කර ඇති බවද සඳහන් වේ.

මේ වන විට පන්මුන්ජොම් හි මාධ්‍ය සඳහාද සියලු පහසුකම් ද උපකරණ ද සවි කොට තිබේ.

DMZ කලාපයේ උතුරු කෙළවරට පියනැඟීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද ඓතිහාසික අවස්ථාවක් මේ තුළින් ලැබෙනු ඇති අතර ට්‍රම්ප්ගේ කැමැත්ත ලබාගැනීමටද මූන් ජේ - ඉන් මැදිහත් වීමක් කරන්නට ඇති බව සැලකේ.

මූන් ජේ - ඉන් සමඟ ට්‍රම්ප් පසුගිය සඳුදා පැවැත්වූ සාකච්ඡාවලදී DMZ කලාපයේ හමුව පැවැත්වීම ගැන කතා වී ඇත. සඳුදා මාධ්‍යවේදීන්ට කතා කළ ජනපති ට්‍රම්ප් 'හමුව එහි තිබීම ගැන මා කැමැත්තක් දක්වන්නේ එය සාර්ථක වූවොත් එහිදීම උත්සව තැබීමට අවස්ථාවක් ලැබෙන නිසයි. තෙවැනි රටක වූවොත් එම අවස්ථාව ලැබෙන්නේ නෑ' යනුවෙන් ට්‍රම්ප් පවසා තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon