දෙවන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

  👤  1380 readers have read this article !
Published by : MB WEB 2018-04-23 10:14:47

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් (23) ආරම්භ වේ.
 
මුස්ලිම් පාසල් සඳහා පසුගිය 18 වනදා දෙවන පාසල් වාරය ආරම්භ වු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
 
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පළමු පාසල් වාරය පසුගිය 06 වන දිනෙන් අවසන් වූ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය මෙම මස 11 වන දිනෙන් අවසන් විය.
 
මේ අතර නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ඊයේ දිවයිනේ සියලු පාසල් වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක වූ බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon