තායිලන්ත විවෘත මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක්

  👤  1197 readers have read this article !
Published by : MB WEB 2018-04-20 13:04:52

මැයි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 8 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ලෙස සැලකෙන සුමේධ රණසිංහ (හෙල්ල) 2016 වසරේදී බ්‍රසීලයේ පැවැති ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වූ අතර, 2015 වසරේදී දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා පිටියේදී පැවැති දකුණු ආසියානු තරගාවලිය වෙනුවෙන් පැවැත්වුණු තේරීම් තරගවලදී මීටර් 83.04ක දක්‍ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාවක්ද එක්කිරීමට සමත් විය. 2016 වසරේදී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 80.25ක දුරක් විසි කරමින් රිදී පදක්කමක් දිනාගැනීමටද රණසිංහ සමත්ව ඇත.

මේ අතර අවුරුදු 19ක් වයසැති උෂාන් තිවංක (උස පැනීම) මීටර් 2.17ක උසක් තරණය කිරීමට හැකි ක්‍රීඩකයකු වන අතර, ඔහුගේ පළමු ජේ‍යෂ්ඨ සංචාරය මෙය වීමද විශේෂත්වයකි. තවද මීටර් 400 කඩුලු මතින් පැන දිවීම ඉසව්වට සහභාගි වී සිටින යමානි දුලාංජලී මෙම තරගාවලියේදී යමක් කිරීමට හැකි අනෙක් ක්‍රීඩිකාව බවට පත්ව ඇති අතර, ඇයට 2015 වසරේදී අ.පො.ස. (උ.පෙළ) විභාගය වෙනුවෙන් හා ඇයට ඇතිවූ ආබාධයක් හේතුවෙන් යම් පසුබෑමක් පෙන්වුවද මේ වනවිට ඇයගේ සුපුරුදු රිද්මයට පැමිණ සිටීම ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව අලුත් කරන්නක් බවට පත්ව තිබේ.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය - සුමේධ රණසිංහ (හෙල්ල), කුපුන් කුෂාන්ත (මීටර් 800, 1500), ගේ‍ර්ෂාන් ධනංජය (දුර පැනීම), උෂාන් තිවංක (උස පැනීම), ලක්‍ෂිකා සුගන්ධි (සත් ප්‍රයාම), අංජනී පුල්වංශ (දුර පැනීම), නදීෂා රාමනායක (මීටර් 400), යමානි දුලාංජලී (මීටර් 400 කඩුලු), සම්පත් වීරසිංහ (පුහුණුකරු)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon