නාවික හමුදාව සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි

  👤  1674 readers have read this article !
Published by : MB WEB 2018-04-17 09:45:43

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය විසින් සුදානම් කර තිබූ නාවික සම්ප්‍රදායානුකූල උත්සවය ඊයේ (16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු, නාවික හමුදා අධ්‍යක්‍ෂවරු, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි, ‍කපිතාන් අනිල් බෝවත්ත මහතා සහ නාවික හමුදා මුලස්ථානය හා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් ද සහභාගීවි සිටියහ.

එමෙන්ම සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල්තැන දෙමින් සියළුම නාවික විධාන නියෝජනය වන පරිදි නාවික නෞකා, යාත්‍රා සහ ආයතනවල අවුරුදු උත්සව පවත්වමින් බක්මහේ අසිරිය සැමරිමට කටයුතු කර තිබූණු අතර, ඒ සඳහා නාවික පුද්ගලයින් ඉතාමත්ම උද්යෝගයෙන් තරඟවලට සහභාගි වන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon