මැයි පළමුවැනිදා නිවාඩුව වෙනස් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වේ

  👤  1829 readers have read this article !
Published by : MB WEB 2018-04-12 11:10:08

ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන ඇත.

ඒ අනුව ස්වදෙශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට පැවරෙන බලතල අනුව එම නිවාඩු දින වෙනස් කරමින් අංක 2066/17 දරණ ගැසට් නිවේදනය 2018 අප්‍රේල් මස 10 අඟහරුවාදා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරනු ලැබීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon