පීඩාවට පත් ගොවි ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

  👤  1508 readers have read this article !
Published by : MB WEB 2018-04-12 10:07:02

පුත්තලම දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් ගොවිතැන් කිරීමට නොහැකිව අසරණ තත්ත්වයට පත් ගොවි ජනතාව වෙත සහන සැලසීම උදෙසා බඩඉරිඟු අක්කර 600ක වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී ඇත.

ගොවිතැන් කටයුතු අඩාල වීම හේතුවෙන් කන්න දෙකක් කිසිදු බෝගයක් වගා කිරීමට නොහැකි වූ ප‍්‍රදේශවල ගොවි පවුල් 500ක ට අධික පිරිසකට සහන සැලසීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අතර ඉඟිනිමිටිය ව්‍යාපාරයේ පැවති ඉතාම සීමිත ජල ප‍්‍රමාණය උපයෝගී කරගනිමින් මෙම වගාකටයුතු සිදුකිරීමට නියමිතය.

මීට අමතරව අතිරේක බෝග වගාවන් සඳහා ද ගොවිජනතාවට සහන සැලසීමට කටයුතු කර තිබෙන අතර සූර්ය බල ශක්තියෙන් ජල පොම්ප ක‍්‍රියාකරවීමේ වැඩසටහනක් මෙන්ම බහුකාර්ය වල් මර්දන රොටරි කිරීමේ සරල උපකරණ බෙදාදීමේ වැඩසටහනක් හා තරුණ කෘෂි ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.

ජනාධිපති කාර්යාලය යටතේ ක‍්‍රියාත්මක වන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ප‍්‍රතිපාදන ඵලදායී ලෙස යොදවමින් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාට සහන සැලසෙන පරිදි මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon