මංජුල කුමාර උස පැනීමේ අවසන් තරගයට

  👤  1774 readers have read this article !
Published by : MB WEB 2018-04-10 15:23:51

මීටර් 100 තත්. 10.03කින් හා තත්. 11.14කින් අවසන් කළ දකුණු අප්‍රිකාවේ අකානි සිබින් හා ටි්‍රනිඩෑඩ් හා ටොබැගෝහි මිචෙල් ලී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී වේගවත්ම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බවට පත්විය.

ඒ අනුව බොහෝ දෙනකුගේ මහත් අවධානයට ලක්ව සිටි ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් පරාජයට පත් කළ අකානි රන් පදක්කම දිනාගනිද්දී දකුණු අප්‍රිකාවේම හෙන්රිකෝට රිදී පදක්කමත්, තත්. 10.19 කාලයක් සටහන් කළ බ්ලේක්ට ලෝකඩ පදක්කම හිමි විය. මීටර් 100 කාන්තා අවසන් තරගය තත්. 11.14ක කාලයක් සටහන් කළ මිචෙල් ලී ටි්‍රනිඩෑඩ් හා ටොබැගෝට පළමු රන් පදක්කම දිනා දුන්නාය.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී මංජුල කුමාර මීටර් 2.21ක පිම්මක් සටහන් කරමින් පිරිමි උස පැනීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර, එහි අවසන් තරගය හෙට (11දා) පැවැත්වීමට නියමිතව ඇත. අවසන් තරගයට පිවිසීම සම්බන්ධයෙන් මංජුල කුමාර අදහස් දක්වමින් පැවැසුවේ තමන් මෙම තරගයට සහභාගි වුණේ 100%ක ශාරීරික යෝග්‍යතාවයකින් නොවන බවය. "පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය අතරතුරදී මගේ කකුලේ සුළු ආබාධයක් ආවා. කකුල තදින් බිමට වදින හැම වෙලාවකදීම මට වේදනාවක් එනවා. ඒ ආබාධයට තියාගෙනයි මීටර් 2.21ක දුරක් පැන්නේ. ඒත් මට තව දිනකට වැඩි කාලයක් තියෙන නිසා මේ සඳහා පිළියමක් යොදාගෙන අවසන් තරගය හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන්ද මංජුල පැවැසීය.

ඊයේ පැවැති කිලෝග්‍රෑම් 52 බෝක්සිං තරගයට පිවිසි ඉෂාන් බණ්ඩාර නාවුරු රාජ්‍යයේ යොචෙන් කුක් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර, අර්ධ අවසන් පූර්ව වටයේ තරගය හෙට පැවැත්වීමට නියමිතය.

මේ අතර ඊයේ පෙරවරුවේදී පැවැති මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වට සහභාගි වූ මැතිව් අබේසිංහ එහිදී තත්. 22.65ක කාලයක් සටහන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුවද තත්. 22.84ක කාලයක් සටහන් කරමින් දෙවැනි අවසන් පූර්ව තරගයේදී 8 වැනියා බවට පත්විය..

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon