අපිට අනෙක් අය සතුටු කරන්න බැරි වුණා
කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන ගයාත්‍රි ඩයස් ඒ නිසාමදෝ කවදත් එක සේ ජනප්‍රියයි. එවැනි ජනප්‍රියත්වයක් හිමිකර දෙමින් ප්‍රේක්ෂකයා තමන් සුවිශේෂී චරිතයක් ලෙස පිළිගැනීම ගැනත් ගයාත්‍රිට තියෙන්නේ ආඩම්බරයක්. ගල්, මුල්, මඩ ප්‍රහාරවලින් තම ගමන ශක්තිමත් කරගන්නා ඇය කාර්ය බහුලත්වය මැද්දේ වුණත් හදගැස්මට කතා කරන්න දෙවරක් හිතුවේ නෑ.
ගයාත්‍රි දැන් හාස්‍ය චරිතවලට කොටු වෙලාද කියලා වෙලාවකට හිතෙනවා..?
නෑ. එහෙම දෙයක් නෑ. අදටත් මම විවිධ චරිත නිරූපණය කරනවා. මේ දිනවල තිරගත වන "යම රජ සිරි" චිත්‍රපටය නිසාත් ඔහොම කියනවා ඇති. ඒකේ බන්දු අයියාගේ බිරිය විදිහට සීරියස් චරිතයක් මම කරන්නේ. නමුත් බන්දු අයියා එක්ක ගැටෙන නිසා ප්‍රේක්ෂකයන් හිතනවා ඇති මමත් එතැන නිරූපණය කරන්නේ විකට චරිතයක් කියලා. සීරියස් චරිතයක් වුවත් එහි සිද්ධි සමඟ ප්‍රේක්ෂකයා තුළ හාස්‍යයක් ඇතිවීම නම් සිදු වෙනවා.
ගයාත්‍රි චිත්‍රපට රංගනයට වැඩි කැමැත්තක් දක්වනවාද..?
අපොයි ඔව්. කොයි තරම් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණත් මගේ හිත යන්නෙම චිත්‍රපට පැත්තට. චිත්‍රපටයක පොඩි චරිතයක් ලැබුණත් එය මට ලොකුයි. කවුරු හරි මට චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් චරිතයේ ප්‍රමාණය ගැනවත් නොහිතා මම ක්ෂණිකව කැමැත්ත පළ කරන්නේ චිත්‍රපට රංගනයට මා තුළ ඇති ආසාව නිසාමයි.
රඟපෑ චිත්‍රපට කීයක් විතර තිරගත වෙන්න තියෙනවද..?
චිත්‍රපට 20ක් විතර එන්න තියෙනවා. ඒ අතරම ටෙලි නාට්‍යයත් නැතුවා නෙවෙයි.
පසුගිය දවස්වල ඔබේ ළඟම මිතුරිය නයනා කුමාරි එක්ක මත ගැටුමක්වත් ඇති කර ගත්තාද..?
නෑ. ඇයි එහෙම අහන්නේ.
දෙන්නා එකට ඉන්නවා කොහේදිවත් දැක්කේ නෑ. ඒකයි..?
ඔය සේරම කතා හදන්නේ ප්‍රේක්ෂකයොයි, කර්මාන්තය ඇතුළේ ඉන්න අයයි. අපි දෙන්නාගේ යාළුකම කවදත් එක වගේ. දැන් වෙලා තියෙන්නේ අපි දෙන්නම කාර්යබහුල වීම. වයසට යද්දි, දරුවෝ ලොකු වෙද්දි කරන්න තියෙන වැඩ වැඩි වෙනවා. අපි දෙන්නට හැම උත්සව අවස්ථාවකටම එකට සහභාගි වෙන්න බැරි
වෙන්න ඒක ලොකු හේතුවක්. දැන් වුණත් අපි දෙන්නම එකට යන ගමන් අඩුයි. මේ දවස්වල අපි දෙන්නම වැඩමුළු කිහිපයක් කරන්න සැලසුම් කරමින් ඉන්නේ. ඇත්ත තමයි. ළඟදි අපි දෙන්නට එකට කොහේ හරි ගිහින් අනිත් අය සතුටු කරන්න බැරි වුණා තමයි.
ඔය යාළුකම නිසා හැදුණු කටකතාත් ඊට පරිබාහිර හේතු නිසා ඇතිවූ කටකතාත් බොහොමයි නේද..?
මම වැරැද්දක් කරලා නැති නිසා මෙවැනි අවස්ථාවල මට දරාගන්න කියලා දෙයක් නෑ. බෙල්ලේ වැල දාගන්නවත්, දරුවෝ ඉදිරියේ අසරණ වෙන්නවත්, පවුල අවුල් කරගන්නවත් මට සිදුවෙලා නැත්තේ මම නිවැරැදි නිසා. කොහොමත් ඉතිං පල ඇති රුකටනේ ගල් ගහන්නේ.
සියල්ල උපේක්ෂාවෙන් දරාගන්න ගයාත්‍රි පුරුදු වෙලාද..?
උපේක්ෂාවෙන් දරාගන්නේ නෑ. උපේක්ෂාවෙන් බලනවා. මට එල්ල වන ගල්, මුල් ප්‍රහාර ගැන මට දුක නෑ. සැලෙන්නෙත් නෑ. ඒත් දුක හිතෙන එක දෙයක් තියෙනවා..?
මොකක්ද ඒ..?
පත්තරේක හෝ වෙනයම් තැනක අපි ගැන ලිපියක් ගිය විට ප්‍රේක්ෂකයෝ දාන ඛ්ධථථඥදබඵ දැක්කම දුක හිතෙනවා. හරියට අපි ගැන හැමදේම ඒ අය දන්නවා වගේ කතා කරනවා. තමන්ගේ අල්ලපු ගෙදර මනුස්සයෙක් ගැන නම් කමක් නෑ කියමුකෝ. ඒ කෙනාව අඳුනනවානේ. දැකලා ආශ්‍රය කරලාවත් නැති අපි ගැන ඒ අය මොනවද දන්නේ. හඳුනන්නේවත් නැති අයට කතා හදන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ.
ප්‍රේක්ෂකයෝ ගයාත්‍රිට ආදරේ නෑ කියලද හිතන්නේ..?
ප්රේක්ෂකයන්ගෙන් සියයට අසූවක්ම මං දිහා තරහින්, කේරා්ධයෙන්, ඊර්ෂ්‍යාවෙන් බලන බව මම දන්නවා. ඒකට කමක් නෑ. ඒ අය දිහා මම තවත් ආදරෙන් බලනවා. ඒ අය එල්ල කරන ගල්, මුල්, මඩ ප්‍රහාර නිසා තමයි මම තවත් ශක්තිමත්ව මගේ ගමන යන්නේ.
මේ දවස්වල සිදු කරන නිර්මාණ කටයුතු ගැනත් කියමු
'පිනි' ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල තමයි ඉන්නේ. ඊට අමතරව චිත්‍රපට තුනක රූගත කිරීම් කරනවා. එකක නම් වැඩ ඉවරයි. තව එකක රූගත කිරීම් මැයිවල පටන් ගන්නවා. සති දෙකකට ඉතාලි යන්න ඉන්නවා. ඒ ගිහින් ආවම තමයි ඒ රූගත කිරීම් පටන්ගන්නේ. වැඩිපුරම මහන්සි ගන්නේ එධපඬ ඉඩධන එකේ වැඩවලට තමයි
චාමිණී ගම්මන්පිල
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත
විනෝදාත්මක
අද මව්බිමෙන්
- එදා යාපනය බියවැද්ද වූ ‘මහා භූත උවදුර’ දැන් දෙවැනි අදියරේ 🕔2018-04-22
- විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දුන්න අය ගියේ නෑ... යැව්වා 🕔2018-04-22
- ගාලු මුහුදේ බුදු පිළිමය ගිල්ලපු රහස හෙළි වෙයි 🕔2018-04-22
- ජීවතුන් අතර හිටියොත් කෝවිලේ උත්සවයේදී කොණ්ඩෙන් ටිපර් එකක් අදිනවාමයි 🕔2018-04-22
- අගමැති මෙහෙයවීම යටතේ විපක්ෂය දඩයම් කරන පෙලිස් ඒකකය එෆ්.සී.අයි.ඩි.ය බව තහවුරු වුණා 🕔2018-04-22
- කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලේ අන්කොමන් තරු 🕔2018-04-22
- එදා මගේ ප්‍රශ්ණ පත්‍රය නැතිනොවුණා නම් අද මම මෙතැන නෑ 🕔2018-04-22
- හැංගි හැංගි වෙස් නොබඳින නම කිව්වම රට හෙල්ලෙන “ගම්පහ ඔස්මන්” ‘මව්බිම’ සමඟ කෙළින් කතාවක 🕔2018-04-22
- මහා මහින්ද සාධකය 🕔2018-04-22
- පිරිසුදු සාගර ගිවිසුමට ලංකාවේ පූර්ණ සහාය පොදුරද මඩුලු විධායක සභාවේදී ජනාධිපති කියයි 🕔2018-04-22
- ඉන්දියන් සාගරයේ මුතු ඇටේ මන්දපෝෂණයෙන් අංක දෙකට 🕔2018-04-22
- මරණ වැලක් කළ කැනඩා මැරයෙක් මැරුවෙ ඇයි අපේ කොල්ලෙක් 🕔2018-04-22
- උත්තර නැති මරණ රැසකට වගකිව යුතු කරාපිටියට ආපු හොර ෙදාස්තර සුද්දා 🕔2018-04-22
- වසරේ ශ්‍රී ලාංකේය ගුරු තරුවට දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් 🕔2018-04-22
- මිනිස් ජීවිත තුට්ටුවට දමා රටක් හැඬ වූ බැල්ලපිටියේ මිනීමරු කම්හල 🕔2018-04-22
- ඇට නැති දිව හතර අතට වනලා නෙළනවා 🕔2018-04-22
- වැල්ලේ රජ කරන දකුණේ පාතාල කල්ලි නිසා සංචාරක ව්‍යාපාරය සල්ලං 🕔2018-04-22
- දළ තෙද ඇති යාල දැවැන්තයා ‘මිස්සක’ මළගම් ගිය හැටි 🕔2018-04-22
- පොහොට්ටුව පර(ද)වන මඟ 🕔2018-04-22
- තෙල් සංස්ථා බහිරවයෝ වැලි නැතුව තාර ගිලිති 🕔2018-04-22
- එජාප සභාපති - මහ ලේකම් හා ජාතික සංවිධායක තෝරා ගැනීමේ තීරණය හෙට 🕔2018-04-22
- පාර්ලිමේන්තු නව සැසිය මැයි 8 වැනිදා 🕔2018-04-22
- එජාප මහ ලේකම් ධුරයට වැඩි දෙනාගේ කැමැත්ත අකිල විරාජ්ට ලු 🕔2018-04-22
- රතු වරෙන්තු නිකුත් කළ අර්ජුන තවම නිදැල්ලේ 🕔2018-04-22
- එජාපයේ ප්රතිසංවිධාන පේනතෙක් මානයකවත් නෑ 🕔2018-04-22
- ශ්‍රී ලනිපයෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට කතානායකට ලිපියක් භාර දෙනවා 🕔2018-04-22
- මව්බිම හෙළිකිරිමෙන් පසු ඇමැතිවරු සයදෙනා ගැසට් කරලා 🕔2018-04-22
- ප්‍රතිපත්ති ප්‍රකාශය පැරදුණොත් පෙරැළියක් 🕔2018-04-22
- මැයි 8වැනිදා තීරණාත්මකයි ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය පරදවන සැලැසුමක් 🕔2018-04-22
- මිනිසුන්ගේ කුරිරුකම් නිසා මළවුන් සමඟ ජීවත් වන ප්‍රියන්ත 🕔2018-04-20
- රිය අනතුරින් තාත්තා නැති වුණා රට ගිය අම්මා උදවු කරන්නේ නැහැ ආච්චිටයි, සීයටයි අපිව ජීවත් කරවන්න බැහැ 🕔2018-04-20
- යුද්ධයෙන් විපතට පත් තවත් පවුල් 14,415ක් යළි පදිංචි කිරීමට පියවර ගන්නවා 🕔2018-04-20
- සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තු අනුමතිය ගැනීමට ආණ්ඩුවත් අගමැතිවරයාත් ක්‍රියා කළේ නෑ 🕔2018-04-20
- කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිරීමට ඉඩ දෙන්නේ නෑ 🕔2018-04-20
- පොහොර හිඟයක් නෑ යල කන්නයට අවශ්‍ය පොහොර විධිමත් අයුරින් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා 🕔2018-04-20
- පරිගණකය කියන්නේ වල්පල් සොයන උපකරණයක් නෙවෙයි 🕔2018-04-20
- හම්බන්තොට සිට යාපා පටුන දක්වා අඹ පැළ ලක්ෂ 50ක් වගා කරනවා 🕔2018-04-20
- දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න 🕔2018-04-20
- අවුරුදු සමයේ මාළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකිවුණා 🕔2018-04-20
- එක නිළියයි - නළුවො තුනයි “අනඟ රැගුම මඟ නවතියි” 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවෙන් රත්රන් බද්ද ඉවත් කරනවා 🕔2018-04-20
- අපි යළි බලය අරන් මහින්දට රට බාර දෙනවා 🕔2018-04-20
- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාවට එජාපයත් හවුල්දැයි සැකයි 🕔2018-04-20
- ටැංකියට වැටුණු සේවකයා බේරාගන්න ගිය අයත් සිහිනැතුව වැටුණා 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන තුරු ටිකක් ඉවසලා ඉන්න 🕔2018-04-20
- බොහෝ දෙනා රජයේ සේවයට එන්නේ නිකන් ඉඳලා පඩි ගන්නයි 🕔2018-04-20
- බුදු දහමට පිටුපාන පාලකයන්ට සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා 🕔2018-04-20
- ලක්ෂ 6ක් කොල්ලකෑමේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 4ක් 🕔2018-04-20
- විදුලිසර වැදී අලියකු මිය ගිහින්: මුළු ගමක්ම නොසන්සුන් වෙලා 🕔2018-04-20
- බිරිය දරු ප්‍රසූතියට රෝහලේ: සැමියා පිහියෙන් ඇන මරා දමලා 🕔2018-04-20
- බාල වයස්කාර දැරියක අපහරණය කළ බස් කොන්ෙදාස්තර අත්අඩංගුවට 🕔2018-04-20
- මිනිස් ඝාතනයක් නොව සියදිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි 🕔2018-04-20
- තායිලන්ත විවෘත මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් 🕔2018-04-20
- 15න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන සඳුදා සිට මලයාසියාවේදී 🕔2018-04-20
- පදක්කම්ලාභීන්ට බරටම තෑගි 🕔2018-04-20
- දෙමළ විමුක්ති සන්ධානයේ සහාය ශ්‍රී ලනිපයට 🕔2018-04-20
- 16 දෙනා විපක්ෂයේ වාඩි වන බව දන්වා නෑ 🕔2018-04-20
- මහ මැතිවරණයක් හැර වෙන විකල්පයක් නෑ 🕔2018-04-20
- ආණ්ඩුවේ හවුල්කාර පිරිසක් විපක්ෂ නායකකම ඉල්ලීම සුදුසු නෑ 🕔2018-04-20
- ත්‍රීවීල්වලට මීටර්-බිල් නීතිය අද සිට ක්‍රියාත්මකයි 🕔2018-04-20
- එජාප තනතුරු වෙනස ඉදිරි දින 10 තුළදී 🕔2018-04-20
- ගාල්ලේ වීරයෙක් හලාවත මුහුදේ ගිලෙන්න ගිය 5ක් බේරාගෙන 🕔2018-04-20
- ශ්‍රී ලනිප-එජාප විශාල පිරිසක් පොදුජන පෙරමුණට එක්වන සූදානමක් 🕔2018-04-20
- කෘෂි බෝගයක් ලෙස නම් කොට කංසා වගාව නීතිගත කරන්න 🕔2018-04-20
- යාලේ සද්දන්තයා වෙඩි තබා මරා දමයි 🕔2018-04-20