IPL නිසා රන්වීර්ට වඩා වරුන් ගිය උඩ

  👤  1413 readers have read this article !
Published by : MB WEB 2018-04-09 17:05:12

ලොව පුරා සිටින ක්‍රිකට් තරු එක පොකුරට තරග වදින IPL ක්‍රිකට් තරගාවලිය සුපුරුදු විධියට මේ වසරේත් පැවැත්වෙන්නේ මේ මාසයේදීය. ඉන්දියාවෙ උත්කර්ෂවත්ව සංවිධානය වෙන IPL ක්‍රිකට් තරගයේ සමාරම්භක උත්සවය වර්ණවත් කරන්න බොලිවුඩ් සුපිරි තරුත් එක්වෙනවා.

වරුන් දාවන්, රන්වීර් සිං, පරිනීති චෝප්රා හා ජැක්ලින් යන සුපිරි තරුවල ආකර්ෂණීය රංගනයන් දැක බලා ගන්නටත් මෙය හොඳ අවස්ථාවක්. මේ නිසාම සුපිරි තරු තමන්ගේ රංගනයටත් වැඩි අය කිරීමක් කරන බව තමයි අපිට ආරංචි වෙන්නේ.

කඩවසම් නළු රන්වීර් සිං මේ අය අතරින් වැඩිම අය කිරීමක් කරන තරු අතරට එක් වුණත් වරුන් දාවන් දැන් රන්වීර්ටත් වඩා වැඩි අය කිරීමක් කරන බව තමයි අලුත්ම ආරංචිවලින් දැන ගන්නට ලැබෙන්නේ.

IPL සමාරම්භක රංගනයට රන්වීර් ඉන්දීය රුපියල් කෝටි පහක් ඉල්ලා සිටියත් මේ වටිනාකම අභිභවා යමින් IPL සංවිධායකයන් වරුන්ට ඉන්දීය රුපියල් කෝටි 6ක මුදලක් ගෙවීමට පොරොන්දු වෙලා. රන්වීර්ට වඩා වරුන්ගේ අගය වැඩිවෙන්න ඔහුගේ ප්‍රසිද්ධිය බලපාන්නට ඇති බව තමයි හැමෝම කියන්නේ.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon