ලංකා පී්‍රමියර් ලීග් මුල් පුටුව ආනල්ඩ්ට

  👤  1479 readers have read this article !
Published by : MB WEB 2018-04-09 14:42:51

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරන ලංකා පී්‍රමියර් ලීග් (එල්.පී.එල්) විස්සයි-20 තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස සේවය කරන රසල් ආර්නල්ඩ් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. ඒ අනුව එම තරගාවලිය එළැඹෙන අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ අතර රසල් ආර්නල්ඩ් සතු හැකියාව සහ ක්‍රිකට් ක්‍රීඩකයකු, ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස ඔහු ලබා ඇති දැනුමත් හේතුවෙන් ලංකා පී්‍රමියර් ලීග් විස්සයි-20 තරගාවලිය ඉතාමත් සාර්ථක තරගාවලියක් බවට පත් කරගැනීමට හැකිවේ යයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

තවද මෙම පත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ රසල් ආර්නල්ඩ්, ලංකා පී්‍රමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කිරීමට ලැබීම ඔහු ලද විශාල ගෞරවයක් ලෙස සලකන බවත් ශ්‍රී ලංකාව තුළ සිටින ක්‍රීඩකයන්ට කෙටි තරග ආකෘතියේ තරග සඳහා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා ගැනීමට හොද අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවත්, ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන වඩාත්ම තරගකාරී විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මෙය වනු ඇති බවත් ඔහු විශ්වාස කරන බවත් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon