ෆර්හාන්ට ෆේස්බුක් එපා වෙලාද?

  👤  1302 readers have read this article !
Published by : MB WEB 2018-04-08 15:55:07

බොලිවුඩ් තරු ගැන නිරන්තර අවදියෙන් ඉන්න රසිකයන් තමන් ආදරය කරන නළු නිළියන්ගේ තොරතුරු සමීප කරගන්නේ ෆේස්බුක්, ට්විටර්, වැනි සමාජ ජාලවලින්. ෆර්හාන් අක්තර් කියන්නේත් සමාජ ජාලයේ නිතරම දකින්න ලැබුණු දක්ෂ රංගන තරුවක්.

ෆර්හාන් හදිසියේම ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ඉවත්වීම රසිකයන් තුළ ඇති කළේ කුතුහලයක්. ෆර්හාන් තම රසිකයන්ට ට්විටර් හරහා අමතමින් කියා සිටියේ ඔහු ටික කාලයකට ෆේස්බුක් ගිණුමින් අෑත්වන බවයි. ඒ වුණත් ඔහුට ආදරය කරන රසිකයන්ට ට්විටර් මඟින් තොරතුරු හුවමාරු කරගන්න අවස්ථාව ලැබෙනවා.


මේ විධියට බොලිවුඩයේ හිණිපෙත්තේම වැජඹෙන සුපිරි තරුවක් හදිසියේම ෆේස්බුක් ගිණුමින් ඉවත්වන පළමු වතාවත් මෙයයි. ෆර්හාන් මේ ගැන පැහැදිලි අදහසක් මාධ්‍යට නොකිව්වත් පෞද්ගලිකව ඔහුට ඇතිවුණු කලකිරීමක් නිසා මේ වගේ තීරණයක් ගන්න ඇති කියලත් මත පළවෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon