කත්‍රිනා පෙරළන පොත

  👤  2307 readers have read this article !
Published by : MB WEB 2018-04-04 17:39:44

සුරූපි කත්‍රිනා කයිෆ් මේ වන විට බොලිවුඩයේ වැඩිම අය කිරීමක් කරන ඉහළම පෙළේ තරු අතරටත් එක් වෙනවා. ඇගේ රංගන දිවියටත් මේ වන විට වසර 15ක් සපිරෙනවා.

වසර 15ක රංගන දිවියේ ඇගේ අත්දැකීම් සියල්ල පොතකට ගෙන එන්නට සූදානම් වන බව ඇය ඉන්දීය මාධ්‍යට පවසා තිබුණා. 2003 වසරේ තිරගත වූ ඕධධථ චිත්‍රපටයෙන් තමයි අපට කත්‍රිනාගේ රංගන හා නර්තන හැකියාවන් මුලින්ම දැකගන්නට ලැබුණේ. සිනමා ජීවිතයේ බොහෝ දුරක් පැමිණි කත්‍රිනා අද වන විට සාර්ථක තරුවක් වීමට වරම් ලැබීම ඇගේ වාසනාවක්. ඒ ගැන ඇය අදහස් පළ කර තිබුණේ මේ විදියටයි.

"මම මේ රංගන ක්ෂේත්‍රයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසාම මට ඒ ගැන පොතක් ලියන්න හිතුණා. මට මේ ගමන එන්න ඒ තරම් ලේසි වුණේ නම් නැහැ.

ජීවිතේ හැමදේම සමබරව ගෙනියන්න නම් කාලෙන් කාලෙට අපිට මුහුණ දෙන්න වෙන පරාජයන් හමුවේ නොසැලී ඉන්න ඕන. ඒ දේවල් තමයි අපේ ජීවිතේ හොඳම ගුරුවරු වෙන්නේ. ඒ අත්දැකීම් මගේ ඉදිරි ජීවිතේ සාර්ථකත්වයටත් ලොකු ශක්තියක් වුණා. ඒ දේවල් නිසාම තමයි මට පොතක් ලියන්න ඕනේ කියන අදහසක් ආවේ".

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon