වංචා කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ

  👤  4373 readers have read this article !
Published by : MB WEB 2018-04-04 16:42:17

රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. පසුගිය වසරේදී වගේම මේ වසරේදිත් ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වුණේ දෙවැනි ඉනිමේ දෙව්මි. ඒ කියන්නේ නයනතාරා වික්‍රමාරච්චි. සම්මානයේ උණුසුම මැකී යන්නත් ප්‍රථම ඇය "හදගැස්මට" එකතු වුණේ හිතේ ඇති තිගැස්ම ගැන කියන්නයි.

එකදිගට හතර වතාවක් ජනප්‍රිය
නිළිය වීම ගැන ආඩම්බරද..?

ආඩම්බරයක් නෑ. සන්තෝෂයක් තියෙන්නේ.

මෙවරත් ජනප්‍රිය නිළිය වෙයි කියලා
බලාපොරොත්තු වුණාද..?

එහෙමම නැහැ. නමුත් මට මං ගැන විශ්වාසයක් තිබුණා. මට තියෙන්නේ මාත් එක්ක වූ තරගයක්. ඒ තරගය ඇතුළේ මට මාව විශ්වාසයි. ඒ විශ්වාසයට ලැබුණු ජනතා සම්මානය තමයි මේ.

නමුත් මෙවර නම් මනීෂා එක්ක
ලොකු තරගයක් දෙන්න වුණා නේද..?

සම්මාන බලාපොරොත්තුවෙන් නම් මම කා එක්කවත් තරග කරන්නේ නෑ. ඇය මගේ හොඳම යෙහෙළියක්. අපි අතරේ කොහොමවත් තරග නෑ. මේ තියෙන්නේ ප්‍රේක්ෂක මනාපය.

ඒකෙන් කියන්නේ ඔබ ඉර්ඉවලට
වියදම් කළේ නෑ කියන එකද..?

කොහොමටවත් නෑ. අම්මයි, තාත්තයි මට හැමතිස්සෙම කියන්නේ සම්මානයක් ගත්තොත් ඒක ගෞරවාන්විතව අරගෙන ගෙදර තියාගන්න කියලා. තමන්ම ඉර්ඉ ගහගෙන ඒ ගෞරවය ලබාගන්න බෑ. හෘද සාක්ෂියට අනුව එය වංචාවක්, බොරුවක්. වංචාවක් කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ. අනික මෙවර එක දුරකතනයකින් එක ඉර්ඉ එකයි එවන්න පුළුවන් වුණේ. ඒකත් ඉතාම හොඳ දෙයක්. ඒ සංකල්පයටත් මම ගරු කරනවා.

ඔබට සම්මාන සියල්ල හිමිවන්නේ
"දෙවැනි ඉනිම" නිසා..?

එහෙමම කියන්නත් බෑ. ප්‍රාණ ටෙලි නාට්‍ය හා සඳ දිය සිත්තම ටෙලි නාට්‍ය තුළිනුත් මම ප්‍රේක්ෂකයාට කිට්ටු වුණා කියලා මම හිතනවා. නමුත් "දෙවැනි ඉනිම" ඒ ළංවීමට විශේෂ බලපෑමක් කළා.

පසුගිය ර්ථීඥධනතඥඵ ඒඹචපඤ ජනප්‍රිය
නිළි සම්මානය ලැබීම ගැන, ඔබ දෙවැනි ඉනිම
අධ්‍යක්ෂවරයාව හෝ රචකයාව දැනුවත්
කළේ නෑ කියල ඔවුන්ගෙන් චෝදනාවක්
තියෙනවා..?

ඒ සම්මානය ලැබෙන බව මම දැනගෙන හිටියෙත් නෑනේ.

සම්මානය ලැබුණට පස්සෙවත්
ඒ ගැන කිව්වේ නැද්ද..?

අම්මාටවත් මම ඒ ගැන කිව්වේ නෑ. අනික කාටවත් මම විශේෂයෙන් කියන්න ගියේ නෑ. හැමෝටම එක විදියටයි කිව්වේ.

ඉදිරි නිර්මාණ කටයුතු
ගැනත් කියමු..?

මම රඟපෑ ටෙලි නාට්‍ය දෙකකුත්, චිත්‍රපට දෙකකුත් එන්න තියෙනවා. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. තවම එහි පිටපත කියවනවා. කියවලා බලලා හොඳයි කියලා හිතුණොත් භාරගන්නවා.

චාමිණි ගම්මන්පිල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon