අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියෙන් මැතිව්ස් යළිත් ක්‍රිකට් පිටියට

  👤  1527 readers have read this article !
Published by : MB WEB 2018-03-22 16:50:06

සුපිරි කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවැත්වෙන සිවු දින අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය මාර්තු 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මේ සඳහා කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන නමින් පළාත් කණ්ඩායම් 4ක් නම් කර ඇත.

කොළඹ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින්ද ගාල්ල කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල් විසින්ද හොබවන අතර ඇන්ජිලෝ මැතිව්ස් හට මහනුවර කණ්ඩායමේ නායකත්වයත් දිමුත් කරුණාරත්නට දඹුල්ල කණ්ඩායමේ නායකත්වයත් හිමිව තිබේ.


ඒ අනුව දිනකට තරග 2ක් බැගින් පැවැත්වෙන මෙම තරගාවලියේ මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා කටුනායකදී දඹුල්ල හා මහනුවර කණ්ඩායමත් හම්බන්තොටදී ගාල්ල සහ කොළඹ කණ්ඩායමත් තරග වදින අතර අප්‍රේල් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන තරග රෝස පැහැති පන්දුවෙන් දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වීමද විශේෂත්වයකි. එහිදී දඹුල්ල හා ගාල්ල කණ්ඩායම දඹුල්ලේදීත් කොළඹ හා නුවර කණ්ඩායම හම්බන්තොටදීත් තරග වදිනු ඇත.


මේ අතර අප්‍රේල් 21දා සිට 24දා දක්වා තරගවලදී දඹුල්ල සහ කොළඹ කණ්ඩායම දඹුල්ලේදීත් ගාල්ල සහ මහනුවර කණ්ඩායම හම්බන්තොටදීත් තරග වැදීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon