මම සල්ලි පස්සේ යන්නේ නෑ

  👤  2912 readers have read this article !
Published by : MB WEB 2018-03-22 17:37:45

අමීෂා කුසල් එක්ක මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්, කොහොමද චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර හොඳයි. ළමා චිත්‍රපටයක් නිසා ළමයි චිත්‍රපටය සතුටින් බලනවා කියලා දැනෙනවා. පාරේ යද්දි වුණත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

කරන්න ලැබුණු චරිතයට සාධාරණයක් කළා කියලා හිතනවද?

මට කරන්න තිබුණු සීන් මම පුළුවන් උපරිමයෙන් කරන්න උත්සාහ කළා. මම හිතනවා මම චරිතෙට සාධාරණයක් කළා කියලා. මම ආරාධනා කරනවා මගේ ප්‍රේක්ෂකයන්ට කුසල් චිත්‍රපටය බලන්න. පොඩි ළමයින්ට ඉගෙන ගන්න, ජීවිතය ගැන අවබෝධයක් ගන්න පුළුවන් දේවල් චිත්‍රපටය තුළ අන්තර්ගතයි. තමන්ගෙ දරුවන්ට වගේම අනෙක් දරුවන්ට ආදරය කරන්න කියන පණිවුඩය චිත්‍රපටය තුළින් දෙනවා.

අමීෂා දැන් නිෂ්පාදකවරියකුත් වෙලා?

ඔව්. මමයි සුරංගද අල්විසුයි එකතු වෙලා කිඩ්නැප් චිත්‍රපටය නිෂ්පාදනය කළා. මම ඒකේ චරිතයකුත් නිරූපණය කරනවා.

අමීෂා කියන්නෙ සල්ලිකාරියක්ද?

අපෝ නෑ. කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් තරමට සල්ලි තියෙනවා.

අර්ජුන කරන චිත්‍රපටවලට විතරද අමීෂා දැන් සම්බන්ධ වෙන්නෙ?

අපෝ නෑ. මම කලින් සම්බන්ධ වුණු චිත්‍රපට දැකලා නැති අයට එහෙම හිතෙනවා ඇති. මම සුනිල් සෝම පීරිස් මහත්මයාගේ අධ්‍යක්ෂණයක් සහ නිෂ්පාදනයක් වන ජයපිට ජය චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඡ්ඒර්ථී මණ්ඩලය නිෂ්පාදනය කරපු රෝයි ද සිල්වා මහත්මයා අධ්‍යක්ෂණය කරපු සර් ලාස්ට් චාන්ස් චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම සුදු හංසි, ඩබල් ගේම්, ඝර සර්ප, කිඩ්නැප් චිත්‍රපටවලටත් මම රංගනයෙන් දායක වුණා.අර්ජුනගේ චිත්‍රපටවලින් ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ, කුසල්, කුණාටුවේ මාරයා චිත්‍රපටවලට විතරයි සම්බන්ධ වුණේ.

දැන් අමීෂා පුංචි තිරයේ දකින්න නෑ. පුංචි තිරයෙන් අෑත් වුණාද?

මම කලින් පුංචි තිරයට සම්බන්ධ වෙලා හිටියා. නිලංජනා, කාව්‍යා, ආදර දෑසක් වගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. මම ගොඩක්ම කැමැති සිනමාවට. නැවත ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා නම් කොටස් 50-75 වගේ තියෙන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා. මෙගා ටෙලි නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්න අදහසක් නෑ.

අමීෂා වැඩිපුර සිනමාවට කැමැති ඇයි?

මම කලාවට ආවෙ චිත්‍රපටවලින්. ඒ හින්දා මම වැඩිය කැමැති සිනමා ක්‍ෂේත්‍රයට. සිනමාවෙ කරන්න තියෙන දේවල් වැඩියි. ජ්ඪඨඩබ, ච්චදජඥ වගේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒ නිසා සිනමා නිළියක් කියනවාට මම කැමැතියි.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා නම් වැඩි ජනප්‍රියත්වයක් ලබාගන්න තිබුණා නේද?

ටෙලි නාට්‍ය නිතරම මිනිසුන්ට පේනවා. ටෙලි නාට්‍යවල රඟපෑවම ප්‍රසිද්ධ වෙන්න, ඉක්මනට සල්ලි හම්බකරන්න පුළුවන්. හැබැයි චිත්‍රපට බලන්න කැමැති පිරිසක් ඉන්නවා. ඔවුන් විතරයි හෝල් එකකට ගිහිල්ලා චිත්‍රපට බලන්නෙ. මම කැමැතියි සිනමාව තුළ ඉඳන් ප්‍රේක්ෂකයන්ට දැනෙන යමක් කරන්න.


අමීෂා කියන්නෙ සල්ලි පස්සෙ යන කෙනෙක් නෙවෙයි?

නැහැ. මම එහෙම සල්ලි පස්සේ යන කෙනෙක් නෙවෙයි.

අමීෂා කාලයක් ලංකාවෙ හිට් එකක් වෙලා හිටියා. ඒ හිට් එක තාම තියෙනවද?

ඕනම තැනක ගියාම පිරිසක් මාව දන්නවා. සමහර අය මාව දන්නෙ නෑ. මට ලොකු හිට් එකක් වෙන්න වුවමනාවක් නෑ. මම ආසයි හරි සිම්පල් විදියට ඉන්න.

ඉරේෂා කල්හාරි
ඡායාරූප - අමිත තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon