පිරිසිදු ජලය ලබාදීමට නුවරඑළිය මහ නගර සභාව කැපවෙනවා - නුවරඑළිය නාගරික කොමසාරිස්

  👤  1447 readers have read this article !
Published by : MB WEB 2018-03-21 10:20:29

නුවරඑළිය නගර සීමාවේ පානීය ජලය පිරිසිදු කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට නුවරඑළිය මහ නඟර සභාව නිරතුරුවම කටයුතු කරන බව නුවරඑළිය නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්ලියු.බණ්ඩාර මහතා පැවසීය.

නාගරික කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ, නගර සභා බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ කිහිපයකින් ලබා ගත් ජල සාම්පල වල අසූචි මිශ්‍ර බවට හෙළිවීම පිළිබඳව රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසුමට ප්‍රතිචාර දක්වමිනි.

මේ අනුව ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් විධිමත් කළ බව නාගරික කොමසාරිවරයා පැවසීය.

නුවරඑළිය නගරයට ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවල කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඇතැම් ප්‍රදේශ හරහා භූමියේ එලා ඇති භූගත ජල නල දශක කිහිපයක් පැරණි වීම මත ඒවාට හානී සිදු වී අපජලය බටතුළට එක් වන බවට සැක කරන බවත් නාගරික කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් සියළුම තත්ත්වයන්ට ගැළපෙන පරිදි ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් රසායනිකය යොදන බව ද පැවසූ නාගරික කොමසාරිවරයා, මෙම ජල නල නැවත සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද මේ වන විට අරම්භ කර ඇති බව ද පැවසීය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -නුවරඑළිය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon