දීපු දඬුවම නම් හොඳටම මදි හර්බජාන් බංග්ලාදේශයට දෙහි කපයි

  👤  1970 readers have read this article !
Published by : MB WEB 2018-03-20 14:45:47

නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයේදී මහත් අශෝභන ලෙස හැසිරුණු බංග්ලාදේශ කණ්ඩායමට තරග කිහිපයක තහනමක් පැනවිය යුතු බව ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නකු වන හර්බජාන් සිං පවසයි.

ඉන්දීය පුවත්පතකට මේ පිළිබඳව අදහස් දැක්වූ හර්බජාන් පවසන්නේ ශ්‍රී ලංකාව ඉදිරියේදී බංග්ලාදේශයේ ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය පිළිබඳව සමාවක් දිය නොහැකි බවත්, ඔවුන්ට අයි.සී.සී.ය විසින් පැනවූ 25%ක දඩය කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි දඬුවමක් බවයි.


"ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් කළා විතරක් නොවෙයි, ඔවුන් ඔවුන්ට හිතවත්ව සිටි ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණයක්ද අහිමි කරගත්තා. මමත් ඔය වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් ඒ දේවල් මම කළේ යම්කිසි සීමාවක ඉඳගෙනයි. බංග්ලාදේශ නායකයා හැසිරුණු ආකාරය අන්තිම නරකයි. ඔහු කණ්ඩායමේ සෙසු අයට ලබා දුන්නේ නරක ආදර්ශයක්. අමතක කරන්න එපා මේක නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියක්" යනුවෙන්ද පැවැසූ හිටපු ඉන්දීය දඟ පන්දු යවන්නා මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බෝඩ් බරපතළ වාර්තාවක් ලබා දෙන්න තිබුණා. කෙසේ වුවත් ඔවුන්ට ලැබුණු තරග මුදලින් 25% දඩ මුදල සම්බන්ධයෙන් තමා විස්මයට පත්වූ බවත්, අඩුම වශයෙන් ඔවුන්ට (බංග්ලදේශයට) තරග කිහිපයක තහනමක්වත් පැනවිය යුතු බවත් සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon