හාර්ඩි සිසුන්ගේ නේවාසික ගැටළුව ඇමති මැදිහත්වීමෙන් විසදෙයි

  👤  1255 readers have read this article !
Published by : MB WEB 2018-03-18 09:42:42

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව යටතේ පාලනය වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට අයත් අම්පාර හාර්ඩි උසස් අධ්‍යාපන ආයතනයේ පූර්ණකාලීව පාඨමාලා හදාරන සිසුන්ගේ නේවාසික ප්‍රශ්නය සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට එහි පාළනාධිකාරිය එකඟත්වය පළ කර ඇති බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

එම අධ්‍යාපන ආයතනයේ සිසුන්ට ඇති වූ තිබූ නේවාසික ගැටළුව සම්බන්ධයෙන් මැදිහත් වූ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා දෙපාර්ශවයේම අදහස් සැළකිල්ලට ගෙන එහි අධ්‍යාපනය හදාරන සියළුම පූර්ණකාලීන පාඨමාලාධාරීන්ට පොරොන්දු ප්‍රකාරව නේවාසික පහසුකම් ලබා දෙන්නට කටයුතු කරන ලෙස නියෝග ලබා දුන්නේය.

ඒ අනුව ශිෂ්‍ය නේවාසික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති ගැටළුව විසඳමින් පූර්ණකාලීන පාඨමාලා සඳහා ලියාපදිංචි වූ සියළුම සිසුන්ට නේවාසික පහසුකම් ලබා දෙන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හිලරි ඊ. සිල්වා ප්‍රකාශ කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon