උදයංගට විවෘත වරෙන්තුවක්

  👤  1549 readers have read this article !
Published by : MB WEB 2018-03-16 14:57:57

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මිග් යානා ගනුදෙණුවට අදාලව චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංග මහතා පසුගිය පෙබරවාරි මස 04 වනදා ඩුබායි ගුවන්තොටුපලේදී ගුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී එම නිලධාරින් විසින් උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය, පදිංචි ස්ථානය සහ දුරකතන අංකය ඇතුළු තොරතුරු ලබා ගැනිමෙන් අනතුරුව ඔහු මුදාහැර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කර ඇත.

පසුව එම නිලධාරින් සිදු කළ විමර්ශනයේදී අදාළ ලිපිනයේ උදයංග වීරතුංග මහතා පදිංචිව නොමැති බවට සහ ලබාදුන් දුරකතන අංකය ක්‍රියා විරහිත කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව එම නිලධාරින් විසින් උදයංග වීරතුංග මහතා පලාගොස් සැගව සිටින සැකකරුවෙකු ලෙසට නම් කර මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරින් අධිකරණයට දැනුම්දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon