මාස 2ට දරුවන් 1,532ක් අපයෝජනය කරලා

  👤  1355 readers have read this article !
Published by : MB WEB 2018-03-14 12:48:29

වසරේ ගත වූ මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1,532ක් වාර්තා වී ඇතැයි එම අධිකාරිය පවසයි.

මානසික, ලිංගික හා නොසලකා හැරීම් ආදී වශයෙන් එම අපයෝජන සිදුවීම් වාර්තා වී ඇත.

පැමිණිලි 1,532න් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ළමයින් කායික හා මානසික වශයෙන් කෘෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙනි. එලෙස ලද පැමිණිලි ප්‍රමාණය 364කි. අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීමට අදාළව පැමිණිලි 241ක්ද, ළමා හා යෞවන ආඥා පනතට අනුව ළමයින් නොසලකා හැරීම සම්බන්ධයෙන් පැමිණිලි 95ක්ද, ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කිරීමට අදාළ පැමිණිලි 56ක්ද ලෙස පැමිණිලි ලැබී ඇති අතර බරපතළ ලිංගික අපයෝජන 61ක් සහ ලිංගික අතවර කිරීමේ සිදුවීම් පිළිබඳ පැමිණිලි 58 සහ වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණයන් ප්‍රමාණය 50ක් ලැබී තිබේ.

වැඩියෙන් පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි. යාපනය, මන්නාරම, මුලතිව්, මඩකළපුව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක ආශ්‍රිතවද සිදුවීම් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අධිකාරිය වැඩිදුරටත් පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon