ෆේස්බුක් - සමාජජාල තහනම සිකුරාදා ඉවතට

  👤  1062 readers have read this article !
Published by : MB WEB 2018-03-14 10:02:24

ෆේස්බුක් ඇතුළු සමාජජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (16දා) ඉවත් කෙරෙන බව විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ ඊයේ (13දා) පැවැති සාකච්ඡාවට ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සමඟින් ෆේස්බුක් ඔස්සේ වෛරී සහගත, අසත්‍ය ප්‍රචාරයන් සිදුවීම වැළැක්විය යුතු බව කියමින් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. එවැනි ප්‍රකාශන පළ කිරීම අවහිර කිරීමට ෆේස්බුක් සමාගමෙන් එකඟතාවක් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටි අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළ කර ඇති බවත්, ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පිරිසක් මාර්තු 15 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon