ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෙක්ස් ටිලර්සන් ධුරයෙන් ඉවතට

  👤  987 readers have read this article !
Published by : MB WEB 2018-03-14 11:48:20

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපනු ලැබ තිබේ.

ඒ අනුව එම ධුරය සඳහා CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ පත් කරනු ලැබ ඇත.

රෙක්ස් ටිලර්සන් ලබා දුන් සේවය වෙනුවෙන් ට්විටර් සමාජ ජලයේ ඔස්සේ සිය ස්තුතිය පළ කළ ජනාධිපති ට්‍රම්ප් නව රාජ්‍ය ලේකම්වරයා "සිය වගකීම විශිෂ්ට ලෙස ඉටු කරනු ඇතැයි" වැඩිදුරටත් සඳහන් කරයි.

'ExxonMobil' සමාගමේ හිටපු විධායක ප්‍රධානී රෙක්ස් ටිලර්සන් රාජ්‍ය ලේකම් ධුරය සඳහා පත් කරනු ලැබුවේ මීට වසරකට ඉහතදීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජීනා හැස්පල් පත් කරනු ලැබ ඇත.

CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තාවක් පත් කෙරුණු පළමු අවස්ථාව මෙයය.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon