'සීදුව බ්‍රාවෝ' කණ්ඩායමෙන් මිදුණ රහස බේ්‍රව් නායකයා හෙළි කරයි

  👤  2507 readers have read this article !
Published by : MB WEB 2018-03-10 09:30:23

ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන 'සීදුව බ්‍රාවෝ' සංගීත කණ්ඩායමේ සිටි පිරිසක් මීට මාස දෙක තුනකට පෙර එම සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ බව කාටත් රහසක් නොවෙයි. ඉවත් වූ කණ්ඩායම දැන් පෙනී සිටින්නේ 'ච්ඪතච ඹඪබඩ ඉඥඥඤභඹච ඕපචමඥ' නමින්. කට්ටිය දෙකට බෙදිලා. ඇත්තටම මොකද වුණේ? බොහෝ දෙනකුට එය ගැටලුවක්. එම ගැටලුවට පිළිතුරු සොයන්න අපි 'සීදුව බ්‍රාවෝ'වලින් ඉවත් වූ කිහිප දෙනාගෙන් කෙනෙක් වූ ඩිලාන් චින්තක සම්බන්ධ කරගත්තා. 'සීදුව බේ්‍රව්'හි නායකයා වන්නේත් චින්තකමයි.

ඇත්තටම මොකද වුණේ?
කාලයක් තිස්සේ පැවැති ගැටලු කීපයක් මේකට මුල් වුණා. මුදල් ප්‍රශ්නය එකක්. තව හේතු තිබුණා. මෙවැනි ගැටලු නිසා මීට කලිනුත් කට්ටිය එම සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණා. මුළු බෑන්ඩ් එකම මීට ඉහතදීත් වෙන්වෙන්න ගියා. නමුත් කොහොම හරි එකා වගේ ඉන්න බැලුවා. නමුත් ඒ පදනමේ තවදුරටත් ඉන්න බැරිවුණා. ඒකයි අපි අයින් වුණේ.

කවුද ඉවත් වූ අය?
රිදම් ගිටාර් ශකිල. ඔහු තමයි 'සීදුව බ්‍රාවෝ'හි ලාංඡනය. ලොකු පොඩි හැමෝම ශකිලට හරිම ආසයි. ඔහු හරිම ආකර්ෂණීය චරිතයක්. ලීඩ් ගිටාරය වාදනය කළ සුරංජිත්. ඔහුත් එහෙම චරිතයක්. මෛත්‍රික සංජීව ගායනයට ඉතාම දක්ෂයි. ඕනෑම භාෂාවක ගීත ගායනා කිරීමේ හැකියාව ඔහුට තියෙනවා. මේ අය මාත් එක්ක එකතුවීම මට ලොකු හයියක්.

සංගීත කණ්ඩායමක්පටන් ගැනීමේ අරමුණින්මද එතැනින් ඉවත් වුණේ?
කොහෙත්ම නෑ. සතියක් විතර නිකම්ම ගෙවෙද්දි තමයි හිතුණේ බෑන්ඩ් එකක් පටන් ගමුද කියලා. හොඳම ශිල්පීන් අපි ළඟ හිටි නිසා එම අදහසට කිසිදු බාධාවක් ආවේ නෑ.

සංගීත කණ්ඩායම ආරම්භ කරද්දි බාහිර බලපෑම් මුකුත් තිබුණෙ නැද්ද?
මරණ තර්ජන පවා ආවා. අත පය කඩනවා කිව්වා. අපි ගැන වැරැදි ප්‍රචාර කලාකාරයෝ අතරත් පතුරවලා. නමුත් අපේ අදහස හොඳ නිසා වගේම මෙච්චර කාලෙකට වැරැදි දෙයක් කරලා නැති නිසා ඒ දේවලට බය වුණේ නෑ.

නමුත් ඔබ හැදුණේ 'සීදුව බ්‍රාවෝ' හරහා?
ඒක හරියටම හරි. එහි නායක අජිත් විතානගේ මතක් කළ යුතුමයි. හොඳ මනුස්සයෙක්. සහෝදරයෝ වගේ අපි හිටියේ. එම සංගීත කණ්ඩායමේ සිටිද්දී සියලු මුදල් ගනුදෙනු කටයුතු කළේ මම. කිසිම වංචාවක් කළේ නෑ. අවශ්‍ය දේ හරියටම කළා. ඒ අත්දැකීම මට අද නායකයෙක් විදියට වැඩ කරද්දී හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.

අලුත් කණ්ඩායම හා හා පුරා කියලා සංගීත සන්දර්ශනවලට සහභාගි වුණාද?
අපේ සංගීත කණ්ඩායමට නම දාන්නත් කලින් ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. සංගීත කණ්ඩායම පටන්ගත් බව ආරංචි වෙලා එදා රෑම හලාවත ප්‍රසංගයකට කතා කළා. එය පල්ලියේ මංගල්‍යයක්. මුලින්ම එවැනි දේකට සම්බන්ධ වෙන්න ලැබීම අපිට හොඳ ආරම්භයක් වුණා. මාර්තු හා අප්‍රේල් මාසය පුරාවටම අපි වැඩ භාරගත්තා.

ලංකාවේ විතරද?
කුවේට්, කොරියාව, අබුඩාබි, මැලේසියානු සංචාර කිහිපයකුත් ඉදිරියේදී තියෙනවා.

අලුත් සංගීත කණ්ඩායමක් විදියට ආරම්භය ගන්න උදවු කළ අයත් ඇති නේද?
ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ අධිපති ඩොනල්ඩ් ප්‍රනාන්දු අයියා මේ වෙලාවේ මතක් කරන්නම ඕනි. මුලදී අපි ළඟ කිසිම මුදලක් තිබුණේ නෑ. මම ඩොනල්ඩ් අයියා එක්ක මේ ගැන කතා කළා. කිසිම පැකිළීමකින් තොරව අපිට පුහුණුවීම් කිරීමට අවශ්‍ය කරන සෑම සංගීත භාණ්ඩයක්ම ඔහු විසින් නොමිලයේ ලබාදුන්නා. ඒ ගුණයහපත්කම නිහතමානීකම නිසා තමයි ජ්තචඵඩඡචජඬ මේ තරම් දුර ආවේ. මිනිසුන්ගේ දුක තේරෙන හොඳ මනුස්සයෙක් ඔහු. දැන් මට ප්‍රශ්නයක් නෑ. කණ්ඩායමක් විදියට අපි ස්ථාවරයි. උදවු කරන්න අයත් දැන් හුඟක් ඉන්නවා.

කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ගැනත් කියමු?
ඔක්ටර්පෑඩ් වාදනය කරන්නේ චන්දිමාල්, ගයාන් බේස් ගිටාර්, කීබෝඩ් වාදනය කරන්නේ ඩිල්ෂාන්. මෛත්‍රිකට අමතරව භානුකත් ගායනයෙන් එකතු වෙනවා.

චාමිණී ගම්මන්පිල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon