ක්‍රිකට් ගහන සචිත්‍ර බිමල්, උද්දික එක්ක එකතු වෙලා කරන්න යන දේ

  👤  2628 readers have read this article !
Published by : MB WEB 2018-02-28 15:56:21

සචිත්‍රයි, බිමලුයි, උද්දිකයි මොකද්ද මේ කරන්න සූදානම් වෙන වැඩේ?

"ඔබ නොදුටු මා" කියන ප්‍රසංගය තමයි අපි සම්බන්ධ වෙන අලුත්ම වැඩේ. මමත් කොන්සර්ට් එකකට සම්බන්ධ වෙන පළමු වතාව මේක. මමයි බිමල් අයියයි උද්දිකයි තමයි මෙහි ගීත ගායනා කරන්නේ. මටත් මෙය එක්තරා විදියක අභියෝගයක්. ඒ වගේම මම ගොඩක් ආසාවෙන් ඉන්නේ උද්දිකයි, බිමල් අයියයි එක්ක එකතුවෙලා මේ වැඩේ කරන්න. ලොකු පිරිසක් ඉස්සරහ අපේම ප්‍රසංගයක් කරන්න යද්දි පොඩි චකිතයකුත් තියෙනවා.

ප්‍රසංගය පැවැත්වෙන්නේ කවදා කොහේදිද කියලත් කියමු?

මාර්තු 04 වැනිදා ප.ව 630ට ඕර්ධ්ඛ්ඩ්හිදී තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. එදාට අපේ රසිකයන්ට එන්න කියලා ආරාධනා කරනවා.

මේ වගේ ප්‍රසංගයක් කරන අදහස ආවේ කාටද?

මේ අදහස මුලින්ම ගෙනාවේ මගේ අක්කා මනුෂි. එයයි එයාගෙ සැමියයි එකතුවෙලා තමයි මේ ප්‍රසංගය සංවිධානය කළේ.

මේ ප්‍රසංගයට සචිත්‍ර එක්ක ගී ගයන්න උද්දික සහ බිමල්ව එකතු කර ගන්නත් විශේෂ කාරණාවක් තියෙන්න ඇති?

'මා නොවන මා' කියන වැඩසටහනට මම සහභාගි වුණා. ඒක වෙන විදියකට යන වැඩසටහනක්. ඒ වැඩසටහනට ගොඩක් අය ආසයි. බිමල් අයියයි, උද්දිකයි මේ වැඩසටහනට සහභාගි වෙලා තිබුණා. ඒ දෙන්නා අපේ අක්කාගෙත් හොඳ යාළුවෝ. ඒ දෙන්නටත් සිංදු කියන්න දක්ෂතාවක් තියෙනවා. මිනිස්සු මාව දන්නේ ක්‍රිකට් ක්‍රිඩකයෙක් විදියට. බිමල් අයියවයි උද්දිකවයි දන්නේ නළුවෝ දෙන්නෙක් විදියට. අපි තුන්දෙනා ක්ෂේත්‍ර දෙකකින් එන්නේ. අපි තුන් දෙනා සින්දු කියන්න ගත්තම එහි විශේෂයක් ඇති වෙයි කියලා හිතලා තමයි අපි තුන්දෙනා මෙය කරන්නේ.

'මා නොවන මා' වැඩසටහනට සහභාගි වුණාට පස්සේ ලැබිච්ච ප්‍රතිචාරයත් මේ වගේ ප්‍රසංගයකින් සචිත්‍ර කලඑළි බස්සවන්න හේතුවක් වෙන්න ඇති
අනිවාර්යයෙන්ම 'මා නොවන මා' වැඩසටහන මම ආසාවෙන් බලනවා. ඒ වැඩසටහනට සහභාගි වුණාම කැළුම් අයියා ඇතුළු පිරිස මට දුන්න ප්‍රතිචාරය ගොඩක් මගේ හදවතට දැනුණා. මාව වෘත්තීයමය ගායකයෙක් කියන තැනට සලකලා තමයි මට ඔවුන් කතා කළේ. මාත් එක්ක ගනුදෙනු කළේ. මම ඒකට ආසයි. ඒ වැඩසටහනට සම්බන්ධ වුණාට පස්සේ ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය ඒ වැඩසටහන බලල තිබ්බා. ඒ ලැබිච්ච ප්‍රතිචාරත් මේ වගේ දෙයක් කරන්න හේතුවක් වුණා.

ප්‍රසංගය වෙනුවෙන් සචිත්‍රගේ සූදානම කොයි වගේද?

මම තමයි මේ ප්‍රසංගයට අඩුවෙන්ම සූදානම් වෙන්නේ. මොකද මේ දවස්වල අන්තර් සමාජ ක්‍රිකට් තරග තියෙනවා. ඒවට සහභාගි වෙන්න තියෙන නිසා මම තමයි කාර්යබහුල වෙලා ඉන්නේ. මේ ප්‍රසංගයේ වාදන කටයුතු කරන්නේ නාද බෑන්ඩ් එක. නයනගේ අනුදැනුම මත එදාට ගායනා කරන්න ගීත කිහිපයක් සූදානම් කරලා තියෙනවා. ඒ දේවල්වලට පුළුවන් උපරිමයෙන් සූදානම් වෙලා හොඳ ප්‍රසංගයක් කරන්න තමයි අපේ සූදානම.

සචිත්‍රව අපි හඳුනගන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට. නමුත් දැන් ඔබ ගායනයටත් දක්ෂයෙක් කියලා හඳුනගෙන තියෙනවා. මේ ප්‍රසංගයට ඔබගේ ගායන හැකියාව විඳින පිරිසක් පෙළ ගැහෙයි කියලා විශ්වාසයක් තියෙනවද?

ඔව්. එහෙම හිතනවා. මම මේ ප්‍රසංගය කරන්නේ මගේ තෘප්තිය සඳහා. මම පොඩි කාලේ ඉඳන් සින්දු කියනවා. මම ආසයි සින්දු කියන්න. මේ වගේ ප්‍රසංගයක් කරමු කියන අදහස ආවම මට බෑ කියන්න ඕන වුණේ නැහැ. මමත් ආසාවෙන් හිටියා සින්දු කියන්න. මේ වගේ ප්‍රසංගයක් කරන්න ලැබුණමත් මේක ලොකු අවස්ථාවක් කියලා හිතුණා මම කැමැති දේ කරන්න. මම ආස දේ හරියට කරද්දි රසිකයෝ ඒ වෙනුවෙන් එයි කියලා හිතනවා.

සචිත්‍ර වඩාත් කැමැති, ඔබ අනුගමනය කරන ගායන ශිල්පීන් ඉන්නවාද?

මම හුඟක් ආසයි ශාස්ත්‍රීය සංගීතයට. සුනිල් එදිරිසිංහ මහත්මයා, සනත් නන්දසිරි මහත්මයා, වික්ටර් රත්නායක මහත්මයා, පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතවලට මම ගොඩක් ආසයි. ඒ වගේම අමල් පෙරේරා වගේ අයගේ ගීතවලටත් මම ආසයි. සුභාවිත මට්ටමේ ගීත ගායනය කරන්න තමයි මම කැමැති.

සචිත්‍ර ගායන කටයුතු කරන්නෙ දක්ෂතාව නිසා වගේම හැදෑරීමත් එක්ක වෙන්න ඇති
ඔව්. මම සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයාගෙන් සංගීතය ඉගෙන ගත්තා. මට සංගීතය දිගටම හදාරන්න බැරිවුණා. මොකද නුගේගොඩ තමයි සර්ගේ පන්ති තිබ්බේ. මගේ තාත්තා නැති වුණාට පස්සේ මට සංගීත පන්ති යන්න එන්න විදියක් තිබ්බේ නෑ. තාත්තාගේ අභාවයත් එක්ක මගේ සංගීත හැදෑරීම් නැවතුණා.

සචිත්‍ර වැඩිපුරම කැමැත්තෙන් හිටියේ ක්‍රිකට් ක්‍රිඩකයෙක් වෙන්නද? නැත්නම් ගායකයෙක් වෙන්නද?

ඇත්තටම පොඩි කාලේ නම් ලොකු වුණාම කවුද වෙන්නේ කියලා හීනයක් තිබ්බේ නැහැ. හැබැයි ආසාවෙන් ක්‍රිකට් ගැහුවා. ආසාවෙන් සින්දුත් කිව්වා. ඒ දෙකෙන්ම ඉස්සරහට යයි කියලා මට තේරුමක් තිබ්බේ නැහැ. හැබැයි දිගටම ක්‍රිකට් සෙල්ලම් කරද්දි කවදාහරි ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ඕන කියලා හීනයක් ආවා. අන්තිමට ඒක තමයි මගේ ක්ෂේත්‍රය වුණේ.

ගායන හැකියාව දියුණු කරගෙන ගායනයටත් තව වැඩි බරක් දෙන්න කැමැති නැද්ද?

ගායන හැකියාවත් තව දියුණු කරගත්තොත් හොඳයි කියලා හිතනවා. කිසිම දෙයකින් කවුරුත් ර්ථීඥපටඥජබ වෙන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ. මම දැනට සින්දු තුනක් කරලා තියෙනවා. අන්තිමට සමිතා අක්කත් එක්ක 'මරතොණ්ඩි දෑතේ" කියලා ගීතයක් කළා. ඒකටත් මම ගොඩක් ආසයි. හැකියාව දියුණු කරගන්න තව තව අභ්‍යාස කරන්න වෙනවා. ඕනම දෙයක් කරද්දී හැදෑරීමක් තියෙන්න ඕන. ආවට ගියාට සින්දු කියනවට වඩා හැදෑරීමකින් දෙයක් කරද්දී ඒක දැනෙනවා. ඒ නිසා සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තව තවත් හැදෑරීම් කරන්න වෙනවා. මම තාම ක්‍රිකට්වලින් ඉවත් වෙලා නැති නිසා ක්‍රිකට් ක්‍රීඩාව දිගටම කරන නිසා මට ඒ හැදෑරීම් කරන්න කාලය අඩුයි. හැබැයි මම ස්වර අභ්‍යාස ගැන හිතනවා පුළුවන් විදියට.

අලුත් වැඩකටයුත්තක් කරන්න සූදානම් වෙනවා නේද?

ඔව්. මමයි, සචිත්‍ර සේනානායකයි, බිමල් ජයකොඩියි එකතු වෙලා "ඔබ නොදුටු මා" කියන ගීත ප්‍රසංගයක් කරනවා.

ඇයි මෙහෙම ප්‍රසංගයක් කරන්න හිතුවේ ?

මම මුල් කාලයේදී කණ්ඩායම් සංගීතයට යොමු වෙලා හිටිය බව මගේ ප්‍රේක්‍ෂකයෝ දන්නවා. ඉතිං එයාලගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා මගේම ගීත කරන්න කියලත්. ඒ හැම දෙයක් එක්කම ප්‍රසංගයක් කරන්නත් හිතුවා. අනිත් එක අපි තුන්දෙනාම මියුසික්වලට හරිම ආසයි. මං හිතන්නේ ඒ ආශාව නිසා තමයි මේ ප්‍රසංගය කරන්නේ.

ප්‍රේක්‍ෂකයන්ට මොන වගේ වෙනසක් එදාට දැක ගන්න පුළුවන් වෙයිද?

දෙරණ නාළිකාවේ "මා නොවන මා" වැඩසටහනට මට ආරාධනාවක් ලැබුණා. ඒකෙනුත් ප්‍රේක්‍ෂකයෝ මාව ගොඩක් හඳුන ගත්තා. යූ ටියුබ් එකෙත් සෑහෙන පිරිසක් මගේ ගීත නරඹලා තිබුණා. ඉතිං එයාලා දන්නවා මගේ හැකියාවන් ගැන. අනික අපි තුන්දෙනාම අපේම ගීත තුනක් කියන්නත් හිතාගෙන ඉන්නවා.

එදාට මොන ශිල්පීන්ගේ ගීත ද ඉදිරිපත් කරන්නේ?

නැවත නැවත අපට ඇහෙන්නේ නැති අපේ ප්‍රවීණ ගායකයන්ගේ ලස්සන පැරණි ගීත ඕන තරම් තියෙනවා. ඒ ගීතයි ඊට අමතරව අපේ නව පරපුරේ ගායක ගායිකාවන්ගේ ගීතයි ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. නිතර ඇහෙන්නේ නැති වෙනස් මාදිලියේ ගීත ටිකක් අපි ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නේ.

සචිත්‍ර, බිමල්, උද්දික එකතු වෙලා කරන මේ වැඩේ සාර්ථක වෙයිද?

මේ ප්‍රසංගය නිසාම නුවරින් සහ කුරුණෑගලින් අපිට දැනටමත් ප්‍රසංගවලට කතා කරලා තියෙනවා. ඉතිං මම හිතනවා මේ ප්‍රසංගයත් හුඟාක් හොඳට සාර්ථක වෙයි කියලා.

තනියම ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

තාම නම් නැහැ. ඉස්සරහට බලමු. ඒත් අපි විදේශ සංචාර ගියාම තනියම ප්‍රසංග කරලා එනවා.

මේ දවස්වල වැඩිය මාධ්‍යවල පේන්න නැත්තේ ඇයි.?

ඔව්. මේ දවස්වල චිත්‍රපටයක වැඩ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩිපුර කාලය කැප කරන්න සිදුවෙලා තියෙනවා. ඒකයි වැඩිපුර මාධ්‍යවල පේන්න නැත්තේ.

මොකක්ද මේ අලුත් සිනමා නිර්මාණය?

මේ මාසෙ අන්තිමට ඒකේ රූගත කිරීම් පටන් ගන්නවා. ඒ ගැන විස්තර ඉස්සරහට දැනුම් දෙන්නම්. තව වැඩ කිහිපයක් තියෙනවා ඉවර කරගන්න.

සිනමාවට වඩාත් කැමැති නිසාද පුංචි තිරයෙනුත් වහන් වෙලා ඉන්නේ?

නිර්මාණකරුවකුට එහෙම විශේෂයක් නැහැ. අපි කරන වැඩේ හරියට කරන්න ඕන. අපේ හුඟක් දේවල්වලින් අපි රටක් විදිහට කොහොමත් පරක්කු වෙලා ඉන්නේ. ඉතින් දැන්වත් උත්සාහ කරනවා අඩුපාඩු නැතිව ඒ දේවල් නිසියාකාරව කරගන්න.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon