පුංචි ඡන්දයෙන් තේරුණු අයගේ නම් මාර්තු 2 දාට පෙර දන්වන්න

  👤  2002 readers have read this article !
Published by : MB WEB 2018-02-23 13:14:57

පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයන්ගේ නම් මාර්තු 02 වැනිදා වන විට නම් කර එවන ලෙස ජයග්‍රහණය කරන ලද දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට දන්වා යැවූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නියෝජ්‍ය සහ සහකාර තේරීම් භාර නිලධාරීන් මඟින් එම දැනුම් දීම සිදු කළ බවද හෙතෙම පැවැසීය. මෙවර මැතිවරණයෙන් තේරී පත්වූ සියලුම සභිකයන්ගේ නම් මාර්තු 03 වැනිදා ගැසට් කිරීමට බලාපොරොත්තු වන බවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සභිකයන් 8689 දෙනකු තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිසම අනාවරණය කළේය.

මාර්තු මාසයේ 6 වැනිදා සිට පළාත් පාලන ආයතන බලාත්මක වන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කොට ඇතැයිද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon